Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මට ආසාවක් තිබුණා අපේ අම්මට වඩා දරුවො හදන්න, තවමත් තියෙනවා ඒ හීනේ

අපේ කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න මහා රංගධරයෙක් තමයි ජැක්සන් ඇන්තනී කියන්නේ. ඔහු මේ වන විට අනතුරකට පත් වෙලා ප්‍රතිකාර ලබමින් ඉන්නවා. ඉතින් එතුමන්ගේ ආදරණීය දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. කලාවට දායාද කල ඒ ජනප්‍රිය කවුරුත් ආදරය කරන සජිත, අකිල සහ මාධවී කියන්නේ ඒ ජැක්සන් ඇන්තනී මහතාගේ දරුවන් තිදෙනා.

ඒ අතරින් අප්පච්චිට ඉන්න එකම දෝණි වන මාධවී ඇන්තනී කියන්නේ නිවේදිකාවක්, රංගන ශිල්පිනියක්, ගායිකාවක් කියන මේ හැම අංශයකටම දක්ෂතා දක්වන්නියක්. ඉතින් මාධවී පසුගිය දා ඇගේ ගීතයක්ද ප්‍රේක්ෂකයන්ට ලබා දුන්නා.

මේ වන විට මාධවී ගැන සමාජ මාධ්‍ය ජාලා වල වැඩිපුර ඇය ගැන කතා කරනවා. ඒ පළමු විවාහයට සමුදූන් ඇය දෙවැනි විවාහයකට එළඹීමත් එක්ක ඒ විවාහය ගැනත් සමාජ මාධ්‍ය වැඩිපුර කතා කරන්නට වුණා. ඉතින් ඒ කොහොම වුණත් එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී මාධවී ඇගේ හීනයන් ගැන කිව්වේ මේ විදියටයි.

” මට එක එක හීනයන් තිබ්බා. ඒවාකාලෙන් කාලෙට වෙනස් වුණා. මට ඉගෙන ගන්න කාලේ ඕන වුණේ හොදට ඉගෙන ගන්න. මට පර්‍යේෂණ කරමින් ලියන්නත් පුලුවන්. ඉතින් මම හිතනවා මට ලියන්නත් පුලුවන් කියලා. ඒ වගේම මට ආසාවක් තිබුනා අපේ අම්මට වඩා දරු මල්ලො හදන්න. අපේ අම්මා හරි ආඩම්බරෙන් එයාගෙ දරුවො ගැන කියනවා. ඉතින් මටත් ආසාවක් තිබුණා අපේ අම්මට වඩා දරුවො හදලා ඒ ආඩම්බරය කොහොමද කියලා බලන්න.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *