Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මට ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා ගොඩක් ඉදලා තියෙයි, ලහිරුනිගේ හිනාවට මම ආසයි

පුංචි තිරයේ රංගන ශිල්පියෙක් විදියට කාගේත් ආදරය ලබා ගන්නට වාසනාවන්ත වුණු ඔහු කඩවසම් රංගන ශිල්පී රන්දික ගුණතිලක. ඉතින් රන්දික කියන්නේ විවිධ අභියෝගාත්මක චරිත හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා ගත්ත කෙනෙක්. ඒ වගේම රන්දිකගේ රංගන දක්ෂතාවය නිසාම ඔහුට වැඩි හරියක් අපේරටේ තරුණියන්ගේ ආකර්ෂණය ලැබෙනවා.

ඉතින් රන්දිකව මේ දිනවල පුංචි තිරය හරහා ටෙලිනාට්‍යය කිහිපයකින්ම දැකගන්නට ලැබෙනවා. ඒ ඔහු රංගනය කරන හිරු නාලිකාවේ විකාශය වෙන ‘ රැල්ල වෙරලට ආදරෙයි ‘ ටෙලිනාට්‍යයේ ශිවා විදියටත් දෙරණෙහි විකාශය වෙන ‘ අපි එක රෑණේ’ ටෙලිනාට්‍යයේත් ඔහුව දැක ගන්න පුලුවන්.

ඉතින් රන්දික කියන්නේ ඔහුගේ හැමදේටම ළගින්ම ඉන්නේ ඔහුගේ යාලුවන් කියලා. කෙටි කාලයක් ඇතුලත මුණ ගැහුනත් ඉතාම මිත්‍රත්වයක් පවත්වා ගන්නවා කියලා. ඉතින් රන්දික ලහිරුණී සල්වතුර කියන ජනප්‍රිය රංගන ශිල්පිනිය ගැන මේ විදියට එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණා.

” මට ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා ගොඩක් ඉදලා තියෙනවා. මම ලහිරුනීගේ හිනාවට හරිම ආසයි. ඒවගේම එයා හරිම ෆ්‍රෙන්ඩ්ලි. මුලින්ම එයා එක්ක රගපානකොට ඈතින් එනවා දකිද්දී අයියෝ එනවනේ කියලා හිතුනා. පස්සේ හොදයි කියලා හිතුනා.”

මේ විදියටයි ජනප්‍රිය කඩවසම් රංගන ශිල්පී රන්දික ගුණතිලක අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *