අපේ ගෙදර වැඩ ටික අපි දෙන්නා කරගන්නේ, වලං හෝදන එකත් මම කරනවා, ඒක ජොලි වැඩේ
ස්වර්ණවාහිනී නාලිකාවේ නිවේදකයෙක් විදියට මීට වසර ගණනාවකට පෙර කොයි කවුරුත් ආදරය කරපු ඒ දක්ෂ නිවේදකයා තමයි ළහිරු මුදලිගේ කියන්නේ. තම නිවේදන ජීවිතයේ වැඩි කොටසක් ස්වර්ණවාහිනී නාලිකාව තුළ සිදු කරපු ඔහු එදා හද රැදි පැය ඉතා ආකර්ෂණීය සිදු කලා.
ළහිරු මුදලිගේ ඉන් අනතුරුව ඔහුගේ යූ ටියුබ් නාලිකාව වන හරි ටීවි තුලින් අපේ රටේ කවුරුත් ආදරේ කරන රංගන ශිල්පීන් ශිල්පිනියන් කලා තරු කැදවා ඔවුන් සමග ඉතා සුහද පිළිසදරක යෙදෙනවා. මේ වන විට ස්වර්ණවාහිනී නාලිකාවේ රංගන දි සිල්වා කරගෙන ගිය හිත ඉල්ලන තරු වැඩ සටහන ඉදිරිපත් කරන්නේ ළගිටු විසින්.

නිවේදනය ගැන වසර ගණනාවක සිට තියෙන අත්දැකීම් එක්ක බලන විට ළහිරු මුදලිගේ ඉන්නේ ඉහල තැනක. ඉතින් ඔහුගේ පෞද්ගලික ජීවිතයේ ඔහු ආදරණීය පියෙක් වගේම බිරිදත් රැකියාවක් සිදු කිරීම නිසා දෙදෙනාම ඉතා කාර්යබහුලයි. ඉතින් ලහිරු සහ බිරිද සදුනි නිවසේ වැඩ කටයුතු කරන ආකාරය ගැන මේ විදියටයි එක්තරා පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ.
” අපි දෙන්නා විවාහ වෙලා පදිංචි වුනේ අපේ ගෙදර. අපිදෙන්නා විතරයි ගෙදර හිටියෙ. අපිට බබා ලැබෙනකම් අපිදෙන්නා සහයෝගයෙන් වැඩ කටයුතු කරගෙන හිටියා. ඊට පස්සේ උදව්වට කෙනෙක්ව ගත්තේ. එතකම් අපි දෙන්නා පුලුවන් විදියට වැඩ බෙදා ගත්තා. මම වළං සෝදනවා. ඒකේ පොඩි ජොලියකුත් තියෙනවා. සදුනිට ගෙදර වැඩ කරන්න මම හම්බකරන්නම් කියන ඒ සංකල්පය මගේ නෑ.”

මේ විදියටයි ජනප්‍රිය නිවේදක ළහිරු මුදලිගේ අදහස් දක්වලා තිබුණේ.