Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

විවාහය ගැන කිසිම බලාපොරොත්තුවක් නෑ, තාම හිතලවත් නෑ

වේදිකාවෙන් කලා ගමන ආරම්භ කරපු ඔහු මේ වන විට රටක් ආදරය කරන කලා ශිල්පියෙක් වෙලා. ඔහු කුසල් මධුරංග ආදරණීය රංගන ශිල්පියා. කුසල් පසුගිය වසරේ රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ වසරේ ජනප්‍රියම නළුවා විදියට සම්මාන හිමි කරගත්තා. ඉතින් ඔහු මේ දිනවල දැක ගන්න පුලුවන් ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයේ බන්ඩා විදියට.

පුංචි තිරයට එහා ගිය වේදිකාව තුළ තම කලා ගමන ගෙන ගිය කුසල් රංගනය කරන වේදිකා නාට්‍යය කිහිපයක්ම මේ වන විට වේදිකාගත වෙනවා. මම නෙමෙයි වෙන කෙනෙක්, සදුදා වැටෙන්නේ සිකුරාදට, ගරු කතා නායකතුමණි වැනි වේදිකා නාට්‍යය කිහිපයකම ඔහු රංගනයෙන් දායක වෙනවා.

ඉතින් කලා ගමන දෙස ඒ විදියට බැලූ විට කුසල් මධුරංග තවමත් තනිකඩ ජීවිතයක් ගත කරන කෙනෙක්. ඒ ගැන ඔහු මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මම වෘත්තීය වශයෙන් රංගන ශිල්පියෙක්. විවාහය ගැන කිසිම බලාපොරොත්තුවක් නෑ. මේ වෙනකොට වගේම ඉස්සරහටත් කිසිම බලාපොරොත්තුවක් නෑ. නමුත් ආදරයනම් ජීවිතයට තියෙන්න ඕන. විවාහය ගැන තාම හිතලා නෑ. මගේ ලොකුම බලාපොරොත්තුවක් තමයි මගේම කියලා වේදිකා නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීම.”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පී කුසල් මධුරංග අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *