Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

කේසරට වයස 26 යි, අපි තවම චූටි නිසා බැන්දට වගකීමක් දැනෙන්නෙ නෑ

මේ දිනවල පුංචි තිරය තුලින් ප්‍රේක්ෂක ආදරය වැඩිපුරම ලබා ගන්න යොවුන් රංගන ශිල්පිනියක් විදියට හදුන්වන්න පුලුවන් කෙනෙක් තමයි ජනප්‍රිය රංගන ශිල්පිනී දමිත්‍රි සුබසිංහ. ඇය රංගනය කල ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයේ අගේ චරිතයට ගොඩක් දෙනා ආදරය කරන්න පටන් ගත්තා. දමිත්‍රිගේ සැබෑ ජීවිතේ වගේම නිහඩ චරිතයක් වන දමිත්‍රි රංගනය කල තවත් ටෙලිනාට්‍යයක් තමයි ‘පාවෙලා වළාකුලේ ඒවිද අම්මා’ ටෙලිනාට්‍යය.

ඉතින් මේ විදියට චරිත රංගනය කරන දමිත්‍රි දෙරණ නාලිකාව සමගින් එකතු වෙලා වැඩ කටයුතු කරනවා. පසුගිය දා ඇගේ විවාහයත් කාගේත් ආකර්ෂණය ඇතුව සිදු වුණා. ඉතින් ඇය දමිළ චාරිත්‍ර සහ සිංහල චාරිත්‍ර සියල්ල ඇගේ විවාහයේදී සිදු කලා.

ඇගේ විවාහ උත්සවයට සහභාගී වුණු ගොඩක් දෙනාගෙන් ඇයට අහන්නට ලැබුනේ හැඩ වෙලා තියෙන විදිය ඉතා ලස්සනයි කියලා. ඉතින් දමිත්‍රිඒ අත ගත්ත ඒ කඩවසම් තරුණයා තමයි කේසර. ඔහුව දමිත්‍රිට මුණ ගැහිලා තියෙන්නෙ බැංකුවේ වැඩ කරන කාලයේ. ඉතින් දමිත්‍රි සහ කේසර මේ වන විට විවාහවෙලා ටික දවසක් වුණත් තවම ඔවුන්ට විවාහයේ බැරෑරුම්කම දැනිලා නෑ. ඒ ගැන දමිත්‍රි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” කේසරට වයස 26 යි. අපි දෙන්නා තවම චූටියි. ඒ නිසා අපිට බැන්දට කිසිම වගකීමක් දැනෙන්නෙ නෑ. අපි ජොලියෙ ඉන්නේ. තවම ඉන්නෙ අම්මලා එක්ක. අපි දෙන්නා වෙනම ඉන්න ප්ලෑන් එකක් තියෙයි. ඒක ඉස්සරහට බලනවා. දැනට අපේ අම්මත් ඉන්නේ කේසරලගෙ ගෙදර.’’

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී දමිත්‍රි සුබසිංහ ඇගේ විවාහය ගැන කියලා තිබුණේ. ඉතින් ඔවුන් දෙදෙනගෙ ඉදිරි ජීවිතයට අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *