මේ අවුරුද්දේ විවාහ වෙලා එයා ඉන්න රටට යන්න වෙයි
කෝලම්කුට්ටම ටෙලිනාට්‍යයේ සුද්දී විදියට කාගේත් ආදරය දිනා ගන්න ඇය තමයි සුරූපි රංගන ශිල්පිනී කාවින්ද්‍යා දුල්ෂානී කියන්නේ. ඇය වර්ථමාන තරුණයන් අතර ඉහලින් ආකර්ෂණයක් ලබන ජනප්‍රිය තාරකාවක්. කාවින්ද්‍යා ගැන පසුගිය දා වැඩිපුර කතා බහ කරන්නට වුණේ ඇය පටන් ගත්ත ප්‍රේම සම්බන්ධතාවය නිසයි.

ආදර කතාවක් නිසා යම් කිසි සිදුවීමකට මුහුණ දුන් කාවින්ද්‍යා පවුලේ ලොකුම දියනිය. සහෝදරියන් විතරක් ඉන්න කාවින්ද්‍යා රංගන ක්ශේෂ්ත්‍රයේ අද වන විට ලොකු ජනප්‍රියත්වයකට හිමිකම් කියන කෙනෙක්. ඇය රංගනය කල ටෙලිනාට්‍යය කිහිපයක් තිබුණත් මෑත කාලීනව ඇය වැඩිපුර ප්‍රේක්ෂකයා අතරට රැගෙන ගියේ ඔරු පදින, ඉස්සො අල්ලන, රූකඩ නටවන විවිධ ක්‍රියාකාරකම් නිසා තමයි හැමෝම ඇය ගැන කතා කරන්නට වුණේ.
ඉතින් මේ වන විට ආදරය උපරිමයෙන් විදින කාවින්ද්‍යා ළගදිම විවාහ වෙන්න යනවා කියලා අපිට අහන්න ලැබුණා. නමුත් කාවින්ද්‍යා ඒ ගැන එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මම අප්‍රේල් කසාද බදිනවා කියපු කතාවනම් බොරුවක්. ඒත් මේ අවුරුද්දේ විවාහ වෙන්න බලාපොරොත්තුව. එයා මට විවාහ යෝජනාවක් කරයි කියලා මම නිකමටවත් හිතුවෙ නෑ. විවාහ වුනාම එයා විදෙස් රටක ඉන්න නිසා මටත් එහෙට යන්න වෙයි. ”
මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී කාවින්ද්‍යා දුල්ෂානි ඇගේ අදහස් දක්වලා තිබුණේ.