Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අපේ අම්මියි චිරන්තයි ගැරඩියො දෙන්නෙක් වගේ ඇලී ගැලී ආදරෙ කරන්නේ

ගායන ක්ශේෂ්ත්‍රය තුළ ඉන්න ප්‍රවීනයො දෙන්නෙක් තමයි සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරි කියන්නේ. ඉතින් මේ කලා පවුලේ දුව කාවින්ද්‍යාත් සංගීතයට බොහෝම ප්‍රිය කරනව සංගීතය තුළින් ගමනක් යන කෙනෙක්. ඉතින් අතුලගෙයි සමිතගෙයි වෙන් වීමත් එක්ක අම්මගෙයි මල්ලිගෙයි පවුල තුළ බර දරන්න වෙලා තිබුණු කාවින්ද්‍යාට දැන්නම් ඒ සියලු බර පටවන්න කෙනෙක් ඔවුන්ගේ පවුලට එකතු වෙලා තියෙන්නේ.

ඉතින් සමිතා චිරන්ත ආදර කතාව පටන් ගැනීමත් එක්ක සමිතාගේ පවුල ගැන හැමෝගෙම අවධානය ඒ පැත්තට යොමු වෙන්න හේතුවක් වුණා. ඉතින් චිරන්ත සමිතා ආදර කතාවට බොහෝදෙනා නොයෙකුත් දේ කිව්වත් ඔවුන් ඉතාම සතුටින් තමයි ජීවත්වෙන්නේ.

ඉතින් අම්මයි චිරන්තයි ගැන ගෙදරදී දරුවෙක් විදියට කාවින්ද්‍යට දැනෙන විදියගැන ඇය මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” අපේ අම්ම තාත්තා එක්ක පවුල් ජීවිතය ගත කරන කාලේ කිසිම දවසක මම රණ්ඩුවක් දැකලා නෑ. ඒ තරමටම ඒ දෙන්නා ආදරණීයයි. පවුල් ජීවිතය ගත කරන හැටි මම කුඩා කාලේ ඉදන්ම අම්මා දිහා බලලා තමයි හැදෙන්නේ. ඉතින් චිරන්තයි අම්මයි ගැරඩියො දෙන්නෙක් වගේ. ඇලිලා ගැලිලා ආදරේ කරන්නේ. නමුත් මමනම් වෙනස්. මට එහෙම ළගින් ඉදන් කරන්න බෑ. චිරන්ත අම්මට සලකන විදිය බලලා මල්ලි චිරන්තගෙන් හොද ගති ගුණ ගන්නවා.”

මේ විදියටයි කාවින්ද්‍යා අධිකාරි අම්මා ගැන අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *