මට වයස 25 යි, මම තාම චූටියි, මම කැමති අමුතු විදියේ ෆැෂන් කරන කෙනෙක්ට
කවිදු මදුෂාන් කියන්නේ ක්ශේෂ්ත්‍රයේ කා සමගත් ඉතාම සුහදශීලීව කතා බහ කරමින් ඉන්න චරිතයක්. ඔහු ටික් ටොක් හරහා ප්‍රේක්ෂකයන් අතර ඉතා ඉහල ජනප්‍රියත්වයක් ලබා ගත් කෙනෙක්. ඒ වගේම අති දක්ෂ නර්තන ශිල්පියෙක් වන කවිදු රංගන ශිල්පියෙක් විදියටත් අපි ඔහුව හදුනා ගන්නවා. ඉතින් කවිදු මදුෂාන් ක්ශේෂ්ත්‍රයේ ළගින්ම ඇසුරු කරන්නේ ලෝචනා ජයකොඩි, හර්ෂි රසාංගා සහ ශනුද්‍රි ප්‍රියසාද් සමගයි.

ඉතින් කවිදු කියන්නේ මේ තුන්දෙනා එක්ක හොදම යාලුවෙක් විදියට ඉන්නවා හැර වෙනත් කිසිම අදහසක් නෑ කියලයි කවිදු රංගනයට එන්නෙ නෑමයි කියලා හිටියට කලා ක්ශේෂ්ත්‍රයට සම්බන්ධ වුණේ සිහින ගෙනෙන කුමාරියේ ටෙලිනාට්‍යය හරහායි.
ඉතින් කවිදු මදුෂාන්ට තවම පෙම්වතියක් නෑ සහ ඔහු බලාපොරොත්තු වෙන ආදරය ගැන මේ විදියටයි කියලා තිබුණේ.

” මම සිංගල්. මට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ. තවම මට අවුරුදු 25 යිනේ. තවම චූටියි. මට තව ඇචීව් කරගන්න දේවල් ටිකක් තියෙනවා. ඒවා කරගෙන තමයි මම පෙම්වතියක් හොයාගන්නේ. මම කැමති ගොඩාක් ෆැෂන් කරන කෙනෙක්ට. අනික වෙනස්ම ඇදුම් අදින, වෙනස් විදියට මේකප් කරන. ලංකාවේ විදියට හිතන්නැති කෙනෙක්ට මම කැමතියි. මට සල්ලි තියෙයිද කියලා වැදගත් නෑ”
මේ විදියටයි ජනප්‍රිය නර්තන ශිල්පී කවිදු මදුෂාන් ඔහුගේ අදහස් දක්වලා තිබූනේ.