Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

සංගීත් අයියට අපේ ගෙදරින් එක පාර කැමති වුනා, අපි දෙන්නම මස් මාලු කන්නැති එක අපේ සම්බන්දෙට හේතුවක්

පුංචි තිරයේ මොන නාලිකාව දැම්මත් මේ වන විට දකින්න ලැබෙන දෙදෙනෙක් තමයි සංගීත් ප්‍රභූ සහ කස්තුරි ජයවර්ධන කියන්නේ. ඉතින් ප්‍රධාන චරිතය නොකළත් සම්මාන පිට සම්මාන ලබා ගන්නට වාසනාවන්ත වූ ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි සංගීත් ප්‍රභූ කියන්නේ. ඉතින් ඔහු ප්‍රේක්ෂකයන් අතරට යන්නේ ස්වර්ණවාහිණියෙ විකාශය වුණු නාඩගම් කාරයෝ ටෙලිනාට්‍යයේ කවඩියා විදිහටයි.

ඉතින් කස්තුරි ජයවර්ධන නීල පබලු ටෙලිනාට්‍යයේ දක්ෂ රංගනයක යෙදෙනවා වගේම ඇය කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ අවුරුදු කුමරිය තරගාවලියක් හරහා. ජනප්‍රිය රංගන ශිල්පිනී ශලිනි තාරකා ට හා සමාන රුවක් තියෙන කස්තුරි සහ සංගීත් ප්‍රභූ සැබෑ ජීවිතයේ පෙම්වතුන් කියලා මේ වන විට බොහෝ දෙනෙක් දන්නවා. ඉතින් අවුරුදු තුනක් තුනහමාරක් පමණ රහසක්ව පැවති කස්තුරි සංගීත් ආදර කතාව ගැන මේ විදිහටයි කස්තුරි ජයවර්ධන සුරූපී රංගන සුරුපී රංගන ශිල්පිනිය අදහස් දක්වලා තිබුණේ.

” මමයි සංගීත් අයියයි හොදම යාලුවෝ විදියට කාලයක් ආශ්‍රය කලා. ඉතින් අපි දෙන්නට නොදැනීම අපි ආදරේ කරන්න පටන් ගත්තා. සංගීත් අයියා ගොඩාක් හොඳයි. එයා පුදුම ආදරෙයි වගේම හොඳට රැකබලා ගන්නවා. මම හිතන්නේ එයා මට විවාහ වුණාම රංගනයෙන් අයින් වෙන්න කියයි කියලා. අපි දෙන්නා තවම තනි තනිවම අපේ ජීවිත සාර්ථක කරගන්න උත්සාහ කරනවා. ඉතින් තව අවුරුදු දෙකකින් තුනකින් වගේ අපි ස්ථාවරයකට ආවම විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා.

මට දැන් නිර්මාණයකට ආරාධනා ලැබුණම සංගීත් අයියා තමයි මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා කියන්නේ. අපි ගොඩක් කල් යාලුවෝ වගේ ආශ්‍රය කළ නිසා අපේ ගෙදරින් එයාට කෙලින්ම කැමති වුණා. දැන් මට වඩා අපේ ගෙදර කට්ටිය ආදරේ එයාට. අපි දෙන්නම වෙජිටේරියන් වීමත් අපේ සම්බන්ධතාවය පටන් ගැනීමට හේතුවක්. ඒ අතින් අපි දෙන්නම ගැලපෙනවා. ‘’

මේ විදිහටයි සුරූපී රංගන ශිල්පිනිය කස්තුරි ජයවර්ධන ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *