Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මගේ පෙම්වතා අකලංක. ඔහු ඉතාම දක්ෂ රංගන ශිල්පියෙක්, ඉදිරියේදී ටෙලිනාට්‍යය තුළින් දැක ගන්න ලැබෙයි

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණු නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ ‘රසිකා’ විදියට ප්‍රේක්ෂකයන් අතරට ගිය ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී කසුනි කාවින්දි. කසුනිව මේ දිනවල අපිට දැක ගන්න පුලුවන් ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වෙන ‘බයෝ’ ටෙලිනාට්‍යය හරහා. ඒ වගේම කසුනි විසින් දායකත්වය ලබා දුන්න පද්මාවතී චරිතය ඇතුළත් මේදිනවල ඉතාම ජනප්‍රිය ‘ගජමෑන්’ චිත්‍රපටයත් සිනමාහල් වල තිර ගත වෙනවා.

ඉතින් කසුනි කියන්නේ වේදිකාව තුලත් ඇගේ දක්ෂතා පෙන්නුම් කරන ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක් විදියට අපිට හදුනා ගන්න පුලුවන්. ඇය සදහන් කරන ආකාරයට ඇයව ප්‍රේක්ෂකයන් අතරට ගෙන යන ටෙලිනාට්‍යය විදියට තණමල්විල කොල්ලෙක්, රාවණ, නාඩගම්කාරයෝ වැනි ටෙලිනාට්‍යයන්.

ඉතින් මේ වන විට ආදරය උපරිමයෙන් විදින කෙනෙක් තමයි කසුනි කාවින්දි කියන්නේ. ඇගේ ආදරවන්තයාත් ක්ශේෂ්ත්‍රයේම කෙනෙක්. ඔහු ගැන කසුනි මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මගේ පෙම්වතා අකලංක ප්‍රභාෂ්වර. ඔහු වේදිකා නාට්‍යයවලට සමබන්ධ මගෙ පරපුරේ ඉතා දක්ෂ රංගන ශිල්පියෙක්. ටෙලිනාට්‍යය භාර ගන්නේ අඩුවෙන්. නමුත් ඉදිරියේදීනම් දැක ගන්න ලැබෙයි.”

මේ විදියටයි කසුනි කාවින්දි ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *