මාධවී හදන කෑම කන්න මම හරි ආසයි, එයාගෙ වචනවල බොරුව නැහැ
කසුන් මහේන්ද්‍ර හීනටිගල කියන නම වෙනදාට වඩා දැන් වැඩි පුර ඇහෙනවා වගේම ඔහු ගැන අමුතුවෙන් බොහෝ දෙනා කතා කරන්නට උනන්දු වෙලා ඉන්නේ. ඒ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ජැක්සන් ඇන්තනී මහතාගේ එකම දියණිය මාධවී ඇන්තනී සමගින් කසුන්ගේ තිබෙන ප්‍රේම සබදතාවයත් එක්කයි.

මාධවී කියන්නේ ඇගේ දෙවැනි විවාහයට සමු දීලා මේ වන විට කසුන් මහේන්ද්‍ර සමගින් පෙම් කතාවක් ගොතාගෙන යන කෙනෙක්. ඇය මාධ්‍යට මේ ගැන කීමත් එක්ක හැමෝම ඔහු ගැන හොයන්නට වුණා. ප්‍රේක්ෂකයන් එක එක දේවල් කිව්වත් එන අභියෝගවලට සාර්ථකව මුහුණ දීලා සතුටින් ජීවත් වෙන මාධවීගේ අලුත් ප්‍රේම සබදතාවයට ඇගේ පියාගෙන් බලපෑමක් සිදුවෙලා නෑ.
ඉතින් ගීත රචකයෙක් විදියට කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න කසුන් මාධවීගේ ගීත සදහා ඔහු ඇයට ගොඩක් උදව් උපකාර කරලා තියෙනවා කියලයි මාධවී එක්තරා පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ. ඒ වගේම කසුන් කියන්නේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් විදියටත් වැඩ කටයුතු කරපු කෙනෙක්. ඉතින් මාධවී සමගින් ගෙනියන පෙම් සබදතාවය ගැන කසුන් පුවත්පතකට කියලා තිබුණේ මේ විදියටයි.

” මාධවී හරියට මගේ අම්මා කෙනෙක් වගේ. එයා ළග බොරුව නෑ. එයාගේ වචන වල බොරුව නෑ මම කොහොමත් බොරුවට අකමැති කෙනෙක්. එයා හදන කෑම හරි රසයි. කිරිබත් තමයි මම කන්න ආසම. එයාට රසට කෑම උයන්න පුලුවන් වගේම ඉක්මනට කෑම හදන්නත් පුලුවන්.”
මේ විදියටයි කසුන් මහේන්ද්‍ර හීනටිගල අදහස් දක්වලා තිබුනේ.