Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

සංගීත් අයියා පොඩි තැන ඉදන් දියුණු වෙන කෙනෙක්, මට එයාට සහයෝගය දෙන්න ලැබුණ එකට සතුටුයි

කස්තුරි ජයවර්ධන කියන්නේ මේ වන විට පුංචි තිරයේ වැඩි ආකර්ෂණයක් ලබා ගෙන සිටින සුරූපි රංගන ශිල්පිනියක්. ඉතින් ඇය රංගනය කල නීල පබළු ටෙලිනාට්‍යයට ඇයට ප්‍රේක්ෂක ප්‍රතිචාර බෙහෙවින් ලබා ගත්තා. ඉතින් කස්තුරි ජයවර්ධන කියන්නේ අවුරුදු කුමරිය තරගාවලියකින් ක්ශේෂ්ත්‍රයට ආපු කෙනෙක්.

ඉතින් බොහෝ දෙනා ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී ශලනි තාරකා වගේ කියලා ඇයට කියනවා. කස්තුරි කියන්නේ ශලනි තාරකා කියන්නේ හරිම නිහතමානී රංගන ශිල්පිනියක් කියලා. ඉතින් කස්තුරි සහ සංගීත් ප්‍රභූ අතර තියෙන ආදර සම්බන්ධය ගැන මේ වන විටනම් ගොඩක්දෙනා දන්නවා. ඉතින් කස්තුරි තම පෙම්වතා වන සංගීත් ප්‍රභූ ගැන කිව්වේ මේ වගේ අදහසක්.

” සංගීත් අයියා කියන්නෙ පොඩි තැනක ඉදන් හිමින් දියුණු වෙන කෙනෙක්. මට ගොඩක් සතුටුයි එයාට සහයෝගයක් දෙන්න පුලුවන් වුණ එකට. අපි දෙන්නා දැන් ගොඩක් කාර්යබහුලයි. ඉතින් තව අවුරුදු ගානක් ගියාම විවාහ වෙනවා. මම විවාහ වුණාම කලාවෙන් අයින් වෙනවා කියලා තීරණය කරලා නෑ. නමුත් විවාහ වුණාම පවුලට අංක එක දීලා වැඩ කරනවා.”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී කස්තුරි ජයවර්ධන ඇගේ පෙම්වතා ගැන අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *