මම තාම චූටිනේ, ඒ නිසා සංගීත් අයියයි මමයි විවාහය ගැන තවම හිතලා නෑ
රංගන ශිල්පිනියක් විදියට කලා ක්ශේෂ්ත්‍රය තුළ ඉන්න සුරුපිනියක් තමයි කස්තුරි ජයවර්ධන කියන්නේ. අවුරුදු කුමරිය තරගාවලියකින් ක්ශේෂ්ත්‍රයට පැමිණි ඇය මේ වන විට ප්‍රේක්ෂකයන් බෙහෙවින් ආදරය කරන රක්ගන ශිල්පිනියක් වෙලා. ඇය ක්ශේෂ්ත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන ශලනි තාරකා වගේ කියලා හැමෝම කියනවා. ඉතින් ඒ ගැන කස්තුරි කිව්වේ ශලනි කියන්නේ ඇය ගොඩක් ආදරය කරන කෙනෙක් කියලා. මොකද ශලනිගේ කිසිම තරහක් නෑ කස්තුරි ශලනි වගේ කියනවට කියලයි කස්තුරි අදහස් දැක්වූයේ.

ඉතින් කස්තුරි සහ සංගීත් කියන්නේ කියුට් කපල් එකක්. පසු ගිය දා සංගීත් ප්‍රභූ ඔහුගේ දෙවන සැලෝන් එකත් පටන් ගත්තා. මේ අවස්ථාවට ක්ශේෂ්ත්‍රයේ බොහෝදෙනෙක් පැමිණ සංගීත්ට සුබ ප්‍රාර්ථනා කලා. ඉතින් සංගීත්ගේ හෙවනැල්ල වගේ ඔහු ළගින්ම ඉන්න අම්මා වගේම කස්තුරිත් සංගීත්ට ලොකු සහයෝගයක් ලබා දෙනවා.
ඉතින් කස්තුරිගේ සහ සංගීත්ගේ ප්‍රේමය මීට වසර ගණනාවක සිට වුණත් ඔවුන්ගේ විවාහය ගැනනම් තවම කිසිම අදහසක් නෑ වගේ. ඒ ගැන කස්තුරි කිව්වේ මේ වගේ අදහසක්.

” සංගීත් අයියා කියන්නේ පොඩි තැනකින් පටන් ගත්ත කෙනෙක්. එයා ටික ටික දියුණු වෙනකොට මට පුදුම සතුටක් තියෙන්නෙ. මොකද මටත් පුලුවන්නේ එයාට ලොකු සහයෝගයක් ලබා දෙන්න. අපි දෙන්නා තවම විවාහයක් ගැන හිතලා නෑ.මොකද මම තවම චූටිනේ. අපිදෙන්නම තව අවුරුදු කිහිපයකින් ඒ ගැන හිතනවා.”
මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී කස්තුරි ජයවර්ධන ඇගේ ප්‍රේම කතාව ගැන අදහස් දක්වලා තිබුණේ.