Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මගේ රෙදි ටික හෝදන්නේ කස්තුරි නංගි, එයාලගෙ ගෙදර වොශින් මැෂින් එකට දාන්නේ

පසු ගිය දා පැවැත්වුණු සුමති සම්මාන උළෙලේ වසරේ නැගී එන ටෙලිනාට්‍යය නලුවා විදියට සම්මානයකට හිමිකම් කියපු ජනප්‍රිය නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක් වන සංගීත් ප්‍රභූ. සංගීත් ප්‍රභූ කියන්නේ ටෙලිනාට්‍යය ගණනාවකටම සිය රංගන දායකත්වය ලබා දුන්න රංගන ශිල්පියෙක්. ඉතින් ඔහු රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍යය අතරින් වැඩිම රසික ආදරයක් හා ආකර්ෂණයක් ලබා ගත්තේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වුණු ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ කවඩියා විදියටයි.

ඉතින් සරාගේ හොදම යාලුවා වුණු කවඩියා වුණු සංගීත් රංගනයට අමතරව ඔහුගේම ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒ සැලෝන් ප්‍රභූ නමින් රූපලාවන්‍යාගාරයක් කරගෙන යනවා. ඉතින් ඉතාම දුෂ්කර ගමනක් ආපු සංගීත් ප්‍රභූ මේ වන විට ආදරවන්තයෙක් කියලත් ගොඩක් දෙනා දන්නවා.

ඒ ඔහුගේ ආදරණීය පෙම්වතිය තමයි අපි කවුරුත් දන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නව පරපුරේ ඉන්න සුරූපිනියක් වන කස්තුරි ජයවර්ධන කියන්නේ. කස්තුරි රංගනය කරපු ටෙලිනාට්‍යයක් ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළද ගත්තා. ඒ තමයි ‘නීල පබළු’ ටෙලිනාට්‍යය. ඉතින් කස්තුරිගේත් සංගීත්ගේත් ආදරය මෙ වන විට අවුරුදු කිහිපයක් වෙනවා. ඒ ආදරයේ රසමුසු තැන් මේ විදියටයි එක්තරා රූපවාහිනී වැඩ සටහනකදී අදහස් දක්වලා තිබුණේ.

” මගේ රෙදි ටික මම කොළඹ ඉන්නකොට හෝදන්නේ කස්තුරි නංගි. එයාට මම ඇදලා ඇදුම් ටික ගිහින් දෙනවා. එතකොට එයා හෝදලා දෙනවා. මොකද එයාලගෙ ගෙදර වොශින් මැෂින් එකක් තියෙනවනෙ. එයා ඒකට දානවා.”

මේ විදියටයි කස්තුරි සහ සංගීත්ගේ ආදර කතාවේ මිහිරි අත්දැකීම් ගැන කියලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *