Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම ගිය ආත්මේ පිනක් කරලා ඇති කැලුම් අයියා වගේ කෙනෙක් ලබන්න

පුංචි තිරයේ අහිංසක පෙම්වතා විදියට අපි අතරට එන ඔහු කඩවසම් රංගන ශිල්පී කැලුම් ශ්‍රී. ඉතින් කැලුම් ශ්‍රී මේ දිනවල රංගනය කරන ටෙලිනාට්‍යයක් ඉතා ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා. හිරු නාලිකාවේ විකාශය වෙන ඉතාම ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘ දිවිතුරා’ ටෙලිනාට්‍යයේ විශාල් විදියට කාගේත් ආකර්ෂණය ලබා ගන්නවා.

ඉතින් කැලුම් පුංචි තිරයේ අහිංසක පෙම්වතා වුනත් කැලුම් ශ්‍රී ඔහුගේ සැබෑ ජිවිතේදී ආදරණීය පියෙක්. ඉතින් කැලුම්ට වැඩි පුර ආකර්ෂණය ලැබෙන්නේ ලංකාවේ තරුණ ප්‍රේක්ෂකයන්ගෙන්. ඉතින් කැලුම් ශ්‍රී විවාහ වෙලා කියලවත් කවුරුත් විශ්වාස කරන්නෑ. කැලුම්ට ඔහුගෙ ආදරණීය බිරිද මුණගැහිලා තියෙන්නේ මංගල උත්සවයකදී.

පුංචි තිරයේ දකින කැලුම් වගකීම් සහගත පියෙක් විදියට නිවසේදී කරන සේවාව ගැන ඔහුගේ බිරිද දුලී එක්එක්තරා රූපවාහිනී නාලිකාවක වැඩ සටහනක් තුලදී අදහස් දක්වලා තිබුනා. කැලුම්ගේ බිරිද නර්තනයට දක්ෂතා දක්වන කෙනෙක්. ඉතින් ඇගේ නර්තනයන් අපිට සමාජ මාධ්‍ය හරහා දැක ගන්න පුලුවන්.

” කැලුම් අයියා වගේ කෙනෙක් ලබන්න මම ගිය ආත්මේ පින් කරලා ඇති. ඒ තරමටම එයා හරිම හොදයි. මාව බලා ගන්නවා, ගෙදර වැඩ ගැන බලනවා. මම දන්නවා එයා අද ඉන්න තැනට එන්න කොච්චර දුක් වින්දද කියලා. ඒ නිසා මට එයා ගෑණු ලමයි එක්ක රගපානකොට ජෙලස් එකක් ඇති වුනත් මම ඒක නැතිකරගනවා මොකටද එහෙම කරලා කැලුම් අයියගෙ කලා ජීවිතේ නවත්තන්නෙ කියලා.’’

මෙ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පී කැලුම් ශ්‍රී ගැන ඔහුගේ ආදරණීය සුරූපි බිරිද අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *