Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මට වයිෆ්ගෙන් ලැබෙන ආදරය නිසාම බැන්දට පස්සේ වෙන කෙනෙකුට හිත ගිහිල්ලා නෑ

පුංචි තිරයේ කඩවසම් රංගම ශිල්පියා ඔහු. සැබෑ ජීවිතේදී ඔහු ආදරණීය පියෙක් වුණත් පුංචි තිරයේ නම් තවම අහිංසක පෙම්වතා විදියට ප්‍රේක්ෂක ආලින්දයට එන්නේ ඔහු. ඒ වෙන කවුරුත් නෙමෙයි ජනප්‍රිය රංගන ශිල්පී කැලුම් ශ්‍රී. කැලුම් කියන්නේ මේ දිනවල රසික ආදරය බෙහෙවින්ම ලබා ගන්න දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු කාගේත් ආකර්ෂණය වැඩිපුර ලබා ගන්නේ මේ දිනවල පුංචි තිරය හරහා අපි අතරට එන හිරු නාලිකාවේ’ දිවිතුරා’ ටෙලිනාට්‍යය හරහායි.

ඊශට පෙම් බදින විශාල් විදියට එන කැලුම් ශ්‍රී ඇස් ටෙලිනාට්‍යය හරහාත් ප්‍රේක්ෂක ආදරය ලබා ගත්තා. ඉතින් කැලුම් ශ්‍රී කියන්නේ රංගන ශිල්පියෙක් වගේම නර්තන ශිල්පියෙක්. ඔහුගේ බිරිද දුලී ප්‍රනාන්දුත් නර්තනයට දක්ෂතා දක්වන කෙනෙක්. ඔවුන් දෙදෙනාගේම පුතා ආර්‍යන්ටත් මේ වෙනකොට හැමෝම වගේ ආදරය කරනවා.

ඉතින් කැලුම් ශ්‍රී දුලී යූ ටියුබ් නාලිකාව හරහා ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු ගැන අපිට දැක බලා ගන්න පුලුවන්. ඉතින් කැලුම් ශ්‍රී ඔහුගේ ආදරණීය බිරිද දුලී ගැන එක්තරා මාධ්‍ය හමුවකදී කිව්වේ මේ වගේ අදහසක්.

” මගේ බිරිදගෙන් මට ලැබෙන්න ඕන ආදරය සෙනෙහස කරුණාව වගේ දේවල් හැමදේම ලැබෙනවා. ඉතින් මට විවාහ වුණත් වෙන කෙනෙකුට හිත් ගිහින් නෑ.”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පී ඒ වගේම පුංචි තිරයේ කඩවසම් පෙම්වතා කැලුම් ශ්‍රී ඔහුගේ ආදරණීය බිරිද ගැන හදුන්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *