Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

කැලුම්ගෙ අම්මා කැලුම්ව හම්බවෙන්න ඉන්නකොට බලලා තියෙන්නේ සිදුහත් කුමාරයාගේ පින්තූර, ඒකයි එයා සිරියාවන්ත

නව පරපුරේ දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක් තමයි කැලුම් ශ්‍රී කියන්නේ. අහිංසක පෙම්වතාගේ චරිතය හරහා මේ වන විට ප්‍රේක්ෂක අපේ ආලින්දයට එන කැලුම් ශ්‍රී රංගනය කරන ඉතාම ජනප්‍රිය ටෙලිනාට්‍යයක් තමයි හිරු නාලිකාවේ විකාශය වෙන ‘දිවිතුරා’ ටෙලිනාට්‍යය. ඉතින් විශාල් කියන ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන කැලුම් පාසල් පෙම්වතෙක් විදියටත් විකාශය වෙලා අවසන් වුනු ‘ඇස්’ ටෙලිනාට්‍යය හරහා අපි දුටුවා.

ඉතින් කැලුම් ශ්‍රී කියන්නේ ඔහුගේ සැබෑ ජීවිතේදී ආදරණීය පියෙක්. ඔහුගේ ආදරණීය බිරිද දුලී දක්ෂ නර්තන ශිල්පිනියක්. ඉතින් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ අත්දැකීම් ඔවුන් යූ ටියුබ් නාලිකාව හරහා ප්‍රේක්ෂකයා හමුවට සමීප කරනවා. ඉතින් කැලුම් ශ්‍රී කියන්නේ හරිම නිර්ව්‍යාජ සිනහවක් හිමි දකින්නන්ගේ නෙත් ආකර්ෂණය කරන සුන්දර රූපයක් හිමි කෙනෙක්.

ඉතින් කැලුම්ගේ රූපය ගැන එක්තරා රූපවාහිනි වැඩ සටහනකදී මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පී සංගීත් ප්‍රභූ අදහස් දක්වලා තිබුණේ.

” මීට අවුරුදු කිහිපයකට කලින් සිද්ධාර්ථ ගෞතම නාට්‍යය කරන කාලයේ මම කැලුම්ගේ ගෙදර ගියා. එයාලා ගෙදර මම දැක්කා කැලුම්ගේ තාත්තා විනෝදෙට වගේ පරණ දේවල් එකතු කරනවා. මම ඉතින් ජරි ආසයි පරණ රේඩියෝ, කැමරා වගේ දේවල්. මෙයාලගේ ගෙදර තියෙනවා ගොඩාක් පරණ සිදුහත් කුමාරයා ඉන්න පින්තූර. කැලුම්ගේ අම්මා කැලුම්ව හම්බවෙම්න ඉන්නකොට ඒ පින්තූර බලලා තියෙන්නේ. කියන්න සතුටුයි කැලුම්ට සිදුහත් කුමාරයාට රගපාන්නත් අවස්ථාව ලැබුණනේ. කැලුම් මෙච්චර ලස්සන ඒ නිසා වෙන්න ඇති.”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පී කැල ශ්‍රී ගැන සංගීත් ප්‍රභූ ආදරණීය රංගන ශිල්පියා අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *