මගේ විනෝදාංශය රත්තරං බඩු ගන්න එකයි, වාහන ගන්න එකයි
ප්‍රාසාංගික වේදිකාව තුළ නැතුවම බැරි ගායිකාවක් විදියට කවුරුත් ආදරය කරන කෙනෙක් තමයි කේ.සුජීවා කියන්නේ. ඇය ගායනා කල ඉගි මරන තරු රෑන ගීතයට තවම රසික ජනතාව බෙහෙවින් ප්‍රිය කරනවා. ඒ වගේම කේ.සුජීවා ආදරණීය ගායන ශිල්පිනිය වේදිකාව තුළ තනිවම සහ ඇගේ දියනියන් සමගින් වේදිකාවේ ගීත ගායන කරනවා.
අම්මගේ ගායන හැකියාව උපතින්ම ලබපු දෙදෙනෙක් විදියට කේ. සුජීවාගේ දියනියන් දෙදෙනත් අම්මා වගේම බෙහෙවින් ජනප්‍රිය චරිත දෙකක්. ඉතින් තුන් දෙනාම යාලුවෝ වගේ ඉන්නවා වගේම එක වගේම ඇදුම් අදින එකත් ගොඩක් දෙනා ආකර්ෂණයට ලක් වෙන දෙයක්.

කේ. සුජීවා ගැන කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය එක එක කාරණා නිසා වැඩිපුර කත කරනවා. පසුගියදාත් ඒ වගේම සිදුවීමක් ඔවුන්ට සිදු වුණා. ඉතින් කේ. සුජීවා දියනියන් දෙදෙනාට තිබෙන ආදරය ගැන මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.
” මගේ ලොකු බබා කියනවා එයා කවදහරි කසාද බැන්දොත් එයාගේ පාට්නර් අපේ ගෙදර නවතින්න ඕන කියලා. එහෙමනම් විතරයි එයා කසාද බදින්නෙ නැත්නම් අම්මා දාලා යන්නෙ නෑ කියලා. පොඩි බබා කියනවා එයා රට යනකොට අම්මයි අක්කයි එක්කන් යන්නෙ කියලා. කට්ටිය මගෙන් අහනවා ඇයි මේ තරම් රත්තරන් බඩු එකතු කරන්නේ කියලා.

ඇත්තටම මට විනෝදාංශ දෙකක් තියෙනවා. එකක් රත්තරං බඩු ගන්න එක. අනික වාහන ගන්න එක. මොකද කවදහරි මම් නැති දවසක මගේ ළමයිදෙන්නට කරදරයක් නැතුව මේ දෙයක්වත් විකුණලා ජීවත් වෙන්න පුලුවන්නේ. පොතේ දැම්මොත් ඒවා ගන්න ටිකක් කල් යනවනේ.’’
මේ විදියටයි ජනප්‍රිය ගායිකා කේ. සුජීවා ආදරණීය ගායන ශිල්පිනිය ඇගේ අදහස් එක්තරා රූපවාහිනී වැඩ සටහනකදී අදහස් දක්වලා තිබුණේ.