වර්ගයා බෝ කරන්නේ කොහොමද කාන්තාවන් වන අපි නැත්නම්, ඒ ආඩම්බරේ අපි ලග තියාගන්න ඕන
පුංචි තිරය හරහා මේ වන විට නිතරම දැක ගන්න ලැබෙන ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී ජයනි සේනානායක. ඉතාම තාත්වික රංගනයන් හරහා ප්‍රේක්ෂකයා අතරට එන ජයනි මේ දිනවල ටෙලිනාට්‍යය කිහිපයක් හරහා දැක ගන්න පුලුවන්. ඇය රංගනයෙන් දායක වෙන හිරු නාලිකාවේ විකාශය වෙන ‘අකුරට යන වෙලාවේ’ ටෙලිනාට්‍යයේ ටීච කෙනෙක් විදියට සහ රැල්ල වෙරලට ආදරෙයි ටෙලිනාට්‍යයේ ජූඩ් ගේ අම්මා විදියට ඇයව දැක ගන්න ලැබෙනවා.

ඉතින් ඒ විදියට විවිධ චරිත රංගනයන් හරහා දැක ගන්න ලැබෙන ඇය ක්ශේෂ්ත්‍රයේ ළගින්ම ඇසුරු කරන දෙදෙනෙක් තමයි නිරෝශා විරාජිනි සහ පියුමි බොතේජු කියන්නේ. එකතුවෙලා විනෝද ගමන් යන ශොපින් කරන්න යන මේ යාලුවන් කලා ක්ශේෂ්ත්‍රයේ කා සමගත් ඉතාම සහයෝගයෙන් වැඩ කටයුතු කරනවා.
ඉතින් කාන්තා දිනය නිමිති කරගෙන පවත්වපු රූපවාහිනි වැඩ සටහනකදි ඇය ඇගේ අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” එක එක දින වලට විශේෂ කරලා තියෙන්නේ එහෙම කරනවට මම කැමතියි. අම්මාවරුන්ගේ දිනය දවසට අම්මට මලක් දීලා වදින්න ඕන. කාන්තාවන්ට සම තැනක් නෑ කියලා ඉල්ලීම් කරන්න හොද නැහැ. මොකද අපිට තැනක් තියෙනවනෙ. අපිත් සමාජයේ ජීවත් වෙන සාමාන්‍ය කොටසක්. අපි අපි විසින්මයි පල්ලෙහාට වැටිලා තියෙන්නේ. වර්ගයා බෝ කරන්නෙ කොහොමද කාන්තාවන් නැත්නම්. ඒ ආඩම්බරේ අපි තියාගන්න ඕන.”
මේ විදියටයි දක්ෂ රංගන ශිල්පිනී ජයනි සේනානායක ඇගේ අදහස් දක්වලා තිබුනේ.