Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මගේ අයියා මට වඩා අවුරුදු 10ක් වැඩිමහල්, අම්මට තාත්තට වඩා මම ආදරේ මගේ අයියට

චරිතාංග රංගන ශිල්පියෙක් විදියට රටම දන්න රටම කතා කරන ඔහු තමයි ජනප්‍රිය රංගන ශිල්පී ඉසුරු ලොකු හෙට්ටිආරච්චි කියන්නේ. ඉසුරු රංගනය කල ටෙලිනාට්‍යය ගණනාවක්ම තියෙනවා. ඉතින් ටෙලි තිරය පමණක් නෙමෙයි සිනමා නිර්මාණ හරහාද ඉසුරු ඔහුගේරංගන දක්ෂතාවය ප්‍රේක්ෂක අපි හමුවට ගෙනාවා.

ඉතින් හාස්‍ය උපදවන චරිතව වගේම නපුරු චරිත හරහාත් ප්‍රේක්ෂකයා හමුවට එන ඉසුරු මේ දිනවල පුංචි තිරයෙන් දැක ගන්න ලැබෙන්නේ ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලිනාට්‍යය හරහායි. ඒ වගේම ඉසුරු ලොකුහෙට්ටිආරච්චිව පසුගිය කාලයේ ‘ගිණි මල් පොකුරු’ චිත්‍රපට හරහාත් රසික ආදරය බෙහෙවින්ම ලබාගත්ත රංගන ශිල්පියෙක්.

උපන් ගම මාතර වුණු ඉසුරුගේ අතීතය එක්ක ඔහුට මතක රැසක් තියෙනවා. ඉතින් සුන්දර අතීතය ගැන ඉසුරුට මිහිරි මතක වගේම අමිහිරි මතකත් නැතුවාම නෙමෙයි. ඉතින් ඔහුගේ සහෝදරයා ගැන ඉසුරු මේ විදියටයි එක්තරා මාධ්‍ය හමුවකදී අදහස් දක්වලා තිබුණේ.

” පොඩි කාලේ අපේ ගමට එක සීටිබී බස් එකයි තිබුණේ. ඒකේ ෆුට් බෝඩ් එකේ නැත්නම් ඩ්‍රයිවර් ලග තමයි මම ගියේ. මම හිතුවෙ කවද හරි ලොකු වෙලා අපේ ගමේ බස් එකේ ඩ්‍රයිවර් වෙන්න. මට ඉන්නවා අයියා කෙනෙක්. එයා මට වඩා අවුරුදු10 ක් වැඩි මහල්. ඉතින් මම හැම තැනම කියලා තියෙනවා මම මගේ අම්මටයි තාත්තටයි වඩා ආදරේ මගේ අයියට. ඒක අපේ ගෙදර අයත් දන්නවා.’’

මේ විදියටයි ඉසුරු ලොකු හෙට්ටිආරච්චි ඔහුගේ අතීතය ගැන කියලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *