Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

කාගෙන්වත් යැපෙන්නැතුව බුලත් විට විකුණලා හරි අම්මා තාත්තව ජීවත් කරන්න පුරුදු වෙන්න ඕන

ජ්‍යෙෂ්ඨ, අසහාය රංගන ශිල්පියෙක් වන ආනන්ද අතුකෝරල කියන්නේ මේ වන විට කාලයක සිට අපේ කල කෙත අස්වද්දන දක්ෂ රංගන ශිල්පියෙක්. ඉතින් ඔහු රංගනය කල සහ රංගන කරන ටෙලිනාට්‍යය කිහිපයක් මේ වන විට පුංචි තිරය හරහා ප්‍රේක්ෂක අපේ ආලින්දයට එනවා.

ඉතින් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ආනන්ද අතුකෝරලයන්ගේ එකම දියණිය වන ඉෂාරා අතුකෝරල කියන්නෙත් රංගන ශිල්පිනියක් වගේම ඉතා දක්ෂ නිවේදිකාවක්. ඇය ගැන පසු ගියදා හැමෝම කතා කරන්න පටන් ගත්තා. ගොඩක් දෙනෙක් ඇය ආනඩ්න්ද අතුකෝරලයන්ගේ දියණිය කියලා මීට පෙර නොදැන සිටියත් මේ වන විටනම් ගොඩ දෙනෙක් දන්නවා ඇය ඔහුගේ දියනිය කියලා.

ඉතින් අම්මවත් එකතු කරගෙන ඉෂාරා අතුකෝරල මහපාරේ බර්ගර් කඩයක් කරගෙන යනවා. ඉතින් ඇය ස්වර්ණවාහිනියේ නිවේදනය කරලා ඉවර වුන ගමන්ම නැවත බර්ගර් කඩේට යනවා කියලයි ඇය කියන්නේ. ඉතින් මේ විදියට ඉතාම අගනා වැඩක් කරන තරුණියකට හොද ආදර්ශමත් කතාංගයක් වන මෙය සමාජ මාධ්‍ය හරහා නිතරම කතා බහ කරන්නට වුණා.

ඉතින් ඉෂාරා මාධ්‍ය හමුවකදී ඇගේ අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.
” මමනම් කියන්නේ ගෑණු ළමයෙක් කියලා නිවීලා,ඔතෑනි වෙලා ඉන්න එක නෙමෙයි ඕනම දේකට පුරුදු වෙන්න ඕන. අනික අපි කාගෙන්වත් සම්පූර්ණයෙන්ම ඩිපෙන්ඩ් වෙන්න යන්න හොද නෑ. ඒ මොකද කවදහරි ඒ කෙනා අපිට නැති වුනොත් අපිට කිසි දෙයක් තනියම කරගන්න බෑනේ. වාහනයක් පදින්න, කඩේකට යන්න, තමන්ගේ වැඩ ටික තනියම කරගන්න පුරුදු එන්න ඕන. මටනම් බුලත්විටක් විකුණලා හරි අම්මලාව ජීවත් කරවන්න ඕන. අපිට වචන කියන මිනිස්සු අපිට නැති වුනාම සත පහක් දෙන්නෙ නෑනේ”

මේ විදියටයි ආනන්ද අතුකෝරල මහතාගේ දියනිය ඉෂාරා අතුකෝරල අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *