Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අපි දෙන්නගෙ ජීවිතේ අච්චාරුවක් වගේ

අපේ රටේ ඉතාම ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඉෂාරා සදමිනි සහ ඇගේ සැමියා වන ජනප්‍රිය රංගන ශිල්පී අනුර පතිරන කියන්නේ අපි කොයි කවුරුත් දන්න ජනප්‍රිය චරිතයන්. ඉතින් දක්ෂ රංගන ශිල්පීන් දෙදෙනෙක් වගේම මේ දෙදෙනා දක්ෂ නිවේදනයේද නියැලෙනවා. ඒ බව අපිට සිරස නාලිකාව හරහා උදෑසන වැඩ සටහන හරහා දැක ගන්න පුලුවන්.

ඉතින් කලාව පැත්තෙන් ඒ වැඩ කටයුතු කරන ඉෂාරා සහ අනුරගේ වෘත්තියන් දෙකක් කරනවා. අනුර වෘත්තියෙන් නීතීඥවරයෙක් වගේම ඉෂාරා වෘත්තියෙන් වෛද්‍යවරියක්. මේ වෘත්තියන් වල නියැලෙන ඔවුන් දෙදෙනා ඒකාකාරී ජීවිතයෙන් මිදෙන්න ඉතාම කැමැත්තෙන් තමයි කලා කටයුතු වල නියැලෙන්නේ.

ඔවුන් දෙදෙනා ඉතා සහයෝගයෙන් කලා කටයුතු වල එක්ව කටයුතු කරන කොට ගොඩක් දෙනා මේ දෙදෙනා ඉතා සහයෝගයෙන් සමගියෙන් ඉන්නවා කියලා දකිනවා. ඉතින් එකට නිවේදනය කිරීම ඉතා පහසුයි කියලයි ඉෂාරා නම් සඳහන් කරන්නේ. ඉතින් එක්තරා රූපවාහිනී මාධ්‍ය සාකච්චාවකදී ඔවුන්ගේ ජීවිතයේ තොරතුරු කිහිපයක් සඳහන් කරලා තිබුනා.

” මගෙයි අනුරගෙයි ජීවිතය අච්චාරුවක් වගේ. අපි දෙන්නම වෘත්තීයන් දෙකක වැඩ කටයුතු කරන කොට තමයි කලා කටයුතුත් කරන්නේ. ඒක අපි දෙන්නට ගොඩක් පහසුයි. ඒකාකාරී ජීවිතයෙන් මිදෙන්න බලාගෙන තමයි ඒ විදිහට කලා කටයුතුත් කරන්නේ. අනුර මාව ගොඩක් තේරුම් ගත්ත කෙනෙක්. ඒ නිසා මට ගොඩක් පහසුයි එයා එක්ක ජීවත් වෙන එක.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *