යාලු වෙන්න ඉෂාරගෙන් ඇහුවම මුලින් බෑ කිව්වා, පස්සේ තමයි හා කිව්වේ
සිරස නාලිකාවේ උදෑසන වැඩසටහනක් නිවේදනය කරන සැබෑ ජීවිතේ සැමියා සහ බිරිද තමයි අනුර පතිරණ සහ ඉෂාරා සදමිණි කියන්නේ. ටෙලිනාට්‍යය හරහා වැඩිපුර දැක ගන්නට නොලැබුණත් ඔවුන් දෙදෙනා නිවේදන කටයුත්ත හරහා තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ. නීතීඥවරයෙක් වන අනුරත් ආයුර්වේද වෛද්‍යවරියක් වන ඉෂාරත් මේ වන විට ඔවුන්ගේ වැඩි කැමැත්ත දක්වන කලා ජීවිතයට තමයි වැඩි නැඹුරුකමක් දක්වන්නේ.

ඉතින් මේ වන විට ආදරණීය දියනියකගේ මවක් සහ පියෙක් වන ඔවුන් දෙදෙනාගේ ඉසස්‍යා දුවට දැන් වයස අවුරුදු හතර හමාරයි. ඉතින් දුව නිසාම කාලයක් කලාවෙන් ඈත් වෙලා හිටපු ඉෂාරා මේ වන විට යූ ටියුබ් චැනල දෙකක්ද කරගෙන යනවා.
ඉතින් ඉතාම කාර්‍යබහුල ජීවිත ගත කරන මේ දෙපලගේ දියණිය ඉසස්‍යා සදමිණි අම්මයි තාත්තයි ගෙදර නැති නිසා ටීවී ප්‍රෝග්‍රෑම්වලට ගොඩක් තරහයි කියලා අනුර කියන්නේ. කොහොම වුණත් ප්‍රශ්න බාධක මධ්‍යයේ ජිවිතය ගෙනියන ඉෂාරා සහ අනුරගේ ආදර කතාව පටන් ගත්ත විදිය ගැන මේ විදියටයි එක්තරා පුවත් පත් මාධ්‍ය සාකච්ඡාවකට කියලා තිබුණේ.

” ඉෂාරා වැඩ සටහනක් කරනවා දැකලා මම මගේ යාලුවෙකුට කිව්වා එයාව බලන්න යමුද කියලා. ඉතින් ඉෂාරා දැක්කම අමුතු හැගීමක් ආවා. මීට කලින් ආදරේ කරලා තියෙයි. ආදරේ ගැන තේරුණේ ඉෂාරා දැක්කට පස්සේ. මුලින් අහපුවහම එයා කැමැති නෑ කියලා කිව්වා. පස්සේ තමයි හා කිව්වේ. ආදරේ කරලා තමයි විවාහ වුණේ. අපි දෙන්නා කිරියි පැනියි වගේ නෑ. රණ්ඩුවක් වුනත් ටික වෙලාවයි. ඊට පස්සේ ආයේ යාලුවෙනවා.”
මේ විදියටයි ඉෂාරා සහ අනුරගේ ආදර කතාව මේ විදියට පටන් අරන් තියෙන්නේ.