අපි දෙන්නා රණ්ඩු වෙන්නෙ බබාට හොරෙන්, ඒ නිසා රණ්ඩුව දිගට ඇදගෙන යන්න වෙන්නෙ නෑ
දක්ෂ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නිවේදිකාවක් වන ඇය සුරූපි ඉෂාරා සදමිණී. සිරස නාලිකාවේ උදෑසන වැඩසටහන නිවේදනය කරන ඉෂාරා ආයුර්වේද වෛද්‍යවරියක්. ඇය විවාහ වෙලා සිටින්නේ නිවේදකයෙක් සහ නීතීඥවරයෙක් වන අනුර පතිරණ සමගින්. ඉතින් ඉෂාරා සහ අනුර සැබෑ ජීවිතේ බිරිද සහ සැමියා වගේම නිවේදනයේදී එකම වැඩ සටහන හරි ආකර්ෂණීය ආකාරයට හසුරුවනවා.

ඉතින් ඉෂාරා සහ අනුර මේ වන විට ආදරනීය දෙමව්පියන්. ඔවුන් දෙදෙනාගේ ජීවිතය සුන්දර කරන්න දියනියක් කැදැල්ලට ඇවිත් නිසා ඔවුන් තවත් සතුටින්. ඉතින් කලා කටයුතු වගේම පවුල් ජීවිතයේත් වැඩ සියල්ල හරි කලමනාකාරීත්වයෙන් සිදු කරගෙන යනවා.
ඉතින් පවුල් ජීවිතේ ගත කරද්දී අනිත් පවුල් වල වගේම ඔවුන් අතරත් යම් යම් ගැටලු පවතිනවා. ඒ නිසා ඒ දේවල් වලට පොඩි පොඩි රණ්ඩු ඇති වෙනවා කියලයි ඉෂාරා එක්තරා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මමයි අනුරයි අතරත් යම් යම් ගැටුම් ඇති වෙනවා. වැඩේ තියෙන්නේ අපි බබාට හොරෙන් රණ්ඩු වෙන්නේ. එයාට ඇහුනොත් අපි දෙන්නා රණ්ඩු වෙනවා කියලා මැදට පැනලා රණ්ඩු වෙන්න එපා කියනවා. ඉතින් අපි දෙන්නට රණ්ඩුව දිගට කරගෙන යන්න බැරි වෙනවා ඒ හින්දා.”
මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී ඉෂාරා සදමිණි අදහස් දක්වලා තිබුණේ.