Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අපේ දුවගේ ජාතික ආහාරය චීස් පැස්ටා, අනුර ඒක වෙනස් කලා දුවගෙම හොදට

රංගන ශිල්පිනියක්, නිවේදිකාවක්, ආයුර්වේද වෛද්‍යවරියක් විදිහට ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් තමයි ඉෂාරා සඳමිණි කියන්නේ. ඉතින් ඉෂාරා රංගනයෙන් දායක වුණා ‘රන්තරු’ ටෙලිනාට්‍යය මේ වන විට විකාශය වෙලා දිගු කාලයක් වුණත් තවමත් ඇයට එහි වන්දනා චරිතයට ඉහළ ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා. ඉතින් ඉෂාරා සඳමිණි නිවේදිකාවක් විදිහට සිරස නාලිකාවේ උදැසන වැඩසටහන ජීවිතයට ඉඩදෙන්න නිවේදනයෙන් දායක වෙනවා.

ඉෂාරා විවාහ වෙලා ඉන්නේ කලා ක්ෂේත්‍රයේ නිවේදකයෙක්, රංගන ශිල්පියෙක් වගේම නීතිඥවරයෙක් විදියට කවුරුත් හඳුනන අනුර පතිරණ සමගින්. ඉතින් උදෑසන සිරස නාලිකාවේ නාළිකාවේ විකාශය වන මෙම වැඩසටහන ඉෂාරා සමගින් එකතු වෙලා නිවේදනය කරන්නේ අනුරයි. දෙන්නට දෙන්නා ඉතා සහයෝගයෙන් කලාවත් තම පවුල් ජීවිතයත් සමබරව කරගෙන යනවා.

ඉතින් ඉෂාරගේත් අනුරගේත් කැදැල්ල ලස්සන කරන්නට ආවේ පුංචි සුරංගනාවියක්. ඇය තමයි ඉසස්‍යා. ඉතින් උසස් යට දැන් වයස අවුරුදු පහක් වෙනවා. දුවගේ හුරතලය ගැන මේ විදිහටයි ඉෂාරා එක්තරා රූපවාහිනී වැඩසටහනකදී අදහස් දක්වලා තිබුණේ.

” අපේ දුව ඉසස්‍යාට දැන් වයස අවුරුදු පහයි. අපි එයාට අවුරුදු හතරක් වෙනකන් කිසිම කලා කටයුත්තකට සම්බන්ධ වුණේ නෑ. ඒකට හේතුව තමයි බබගේ ළමා කාලය අපිට ආපහු ගන්න බැරි නිසා. ඒ වගේම එයාගේ හුරතල් කාලයේ එයාට අපිව මග හැරෙන නිසා. අපි දෙන්නම වැඩ පටන් ගන්න අරන් දැන් අවුරුද්දක් විතර ඇති. අපේ දුවගේ ජාතික ආහාරය තමයි චීස් පැස්ටා. තියෙනවා නම් තුන් වේලම වුණත් කයි. පැස්ටම විතරක් කන්න හොඳ නැති නිසා අනුර ඒක පොඩ්ඩක් වෙනස් කරලා ගුණදායක දේවලුත් එක්ක තමයි දෙන්නේ.”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී ඉෂාරා සදමිණී ඇගේ දියනිය ගැන අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *