Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම ස්වර්ණවාහිනියෙ වැඩ ඉවර කරපු ගමන් යන්නේ බර්ගර් ශොප් එකට, ඒක මට ලැජ්ජාවක් නෙමෙයි

අපේ රටේ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියෙක් වන ආනන්ද අතුකෝරල රංගන ශිල්පියාගේ ආදරණීය දියණිය ගැන පසුගිය දා ප්‍රේක්ෂකයාට නිතර නිතර අසන්නට ලැබුණා. මේ සුරූපිනිය මිනිසුන් දැක තිබුණත් ඇය ආනන්ද අතුකෝරලයන්ගේ දියණිය කියලා ගොඩ දෙනෙක් නොදන්නා කාරණයක්.

ඉතින් ඒ සුරූපි තරුණිය තමයි ඉෂාරා අතුකෝරල කියන්නේ. ඇය ටෙලිනාට්‍යය රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදියට වැඩ කටයුතු කරනවා. සතියේ දින පගේම තාත්තයි දුවයි එකම ටෙලිනාට්‍යයේ දැක ගන්නට ලැබුණත් බොහෝ දෙනා දන්නෙ නෑ මේ ඇත්තම ජීවිතේ තාත්තයි දුවයි කියලා.

කොහොම වුණත් ඒ ගැන හැමෝටම දැන ගන්නට ලැබුණු කාරණයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා වයිරල් වුණා. ඒ ආනා ඊට්ස් නමින් ඔවුන්ගේම නමින් කරගෙන යන බර්ගර් ශොප් එක. ඉතින් කලා පවුලක් වුණත් මේ වගේ ව්‍යාපාරයක් මහජනතාව අතර සිදු කිරීම ඉතාම ඇගයිය යුතු කාරණයක්. මේ ආනා ඊට්ස් ව්‍යාපාරය පවුලම එකතු වෙලයි සිදු කරන්නේ. ඒ ගැන ආනන්ද අතුකෝරල ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියාගේ දියනිය ඉෂාරා අතුකෝරල පුවත් පතකට කිව්වේ මේ වගේ අදහසක්.

” අපේ අම්මගෙ කෑම රසයි. ඉතින් මම යෝජනා කරගත්තා මේ වගේ දෙයක් පටන් ගනිමු කියලා. ඉතින් අම්මයි තාත්තයි කැමති වුණා. අපි කලාකරුවො කියලා මාන්නෙන් ඉදල වැඩක් නෑ. පොලොවෙ පයගහලා ජීවත් වෙන මිනිස්සු විදියට අපි මේක පටන් ගත්තේ. දැන් අපිට සේවකයොත් ඉන්නවා. මම ස්වර්ණවාහිනියෙ වැඩ කරලා ඉවර වුන ගමන් යන්නෙ බර්ගර් ශොප් එකට. ඒක මට ලැජ්ජාවක් නෙමෙයි.’’

මේ විදියටයි ඉෂාරා අතුකෝරල ඇගේ පවුලෙ අලුත් ව්‍යාපාරය ගැන කියලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *