වෙඩින් එක ගැන මගෙන් ඇහුවම මම බය වෙනවා
පුංචි තිරයට නවමු පෙනුමක් ලබා දෙන ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී ඉෂංකා අබේසේකරයි. ඉතින් ඉෂංකාට හැමෝම ආදරය කරන්නටත් ආකර්ෂණය වෙන්නටත් පෙළඹුනේ ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලිනාට්‍යයේ. ඉතින් ඉෂංකා සමන්දිනී විදියට එක පාරට ටෙලිනාට්‍යයට එකතු වීමත් එක්ක ඇය ගැන හැමෝම හොයන්න පටන් ගත්තා.

ඉතින් දමිළ හුරුවක් තියෙන ඉෂංකා විවිධ විදියට විලාසිතා කරනවා ඇගේ මුහුණු පොත හරහා ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට දැක බලා ගන්න පුලුවන්. ඉතින් ඉෂංකා කුඩා කාලෙදිම ඇගේ අම්මා විදෙස් ගත වෙන නිසා ඇය හැදෙන්නේ ඇගේ ආච්චි අම්මා සහ තාත්තා එක්කයි. ඉතින් පුංචි සහ බාප්පත් ඇයට ගොඩක් ආදරය කරනවා වගේම ඇය කුඩා කාලෙදි රැක බලා ගෙන තිබෙනවා.
ඉතින් ආච්චිට අම්මා කියපු ඉෂංකා තවම විවාහ වෙලා නෑ. ඉතින් ඇය එක්තර මාධ්‍ය සාකච්ඡාවකදී මේ විදියටයි ඇගෙ විවාහය ගැන අදහස් දක්වලා තිබුණේ.

” මම විවාහය ගැන ඇහුවම කන්ෆියුස් වෙනවා. මොකද හැමෝම අහන්නේ සම්න්දිනිගේ විවාහය ගැන. එහෙම නැතුව ඉෂංකගේ විවාහය ගැන නෙමෙයි. මිනාව මල් කුමාරිට ගන්න පුලුවන්.”
මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී ඉෂංකා අබේසේකර ඇගේ අදහස් දක්වල තිබුණේ.