Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

දැන් මට එන ආදර යෝජනා එන්නේ මගේ රූපෙ නිසා, මම කැමති මට ආදරේ කරන කෙනෙක්ට

මේ දිනවල ඉතා ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලිනාට්‍යයේ සමන්දිනී විදියට ප්‍රේක්ෂක අපි හමුවට එන ඒ ජනප්‍රිය රංගන ශිල්පිනිය තමයි ඉෂංකා අබේසේකර. මීනගේ අම්මා කවුද කියලා හැමෝම හොයන්න ගත්තා. ඉතින් ඉෂංකා අහම්බෙන් කලා ක්ශේෂ්ත්‍රයට ආපු කෙනෙක්.

චන්ද්‍රපානි මියුසික් වීඩියෝව හරහා කවුරුත් හදුනා ගත්ත ඉෂංකගේ කලා ක්ශේෂ්ත්‍රයේ හැරවුම් ලක්ෂය තමයි කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යය. ඉතින් ඉෂංකාගේ රූපය නිසාම ඇයට රංගන අවස්ථා කිහිපයක්ම ලැබුණත් ඇය ඒවා ප්‍රතික්ශේප කරලා තියෙනවා.

රංගනය වගේම ඇය ඇගේම ඇදුම් ව්‍යාපාරයක්ද කරන්නේ තාත්තගේ හදිස්සි වියෝවත් එක්ක. ඉතින් තාත්තගේ හැරයාමත් එක්ක ආදර කතාවටත් සමුදෙන ඉෂංකා ඇයට එන ආදර යෝජනා ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” මගේ ආදර කතාව නැවැත්තුවේ තාත්තා නැති වෙනවත් එක්කයි. දැන්නම් ආදර යෝජනා ගලාගෙන එනවා. හැබැයි ඒ මට ආදරේ නිසා නෙමෙයි. මගේ රූපෙට ආදරේ කරන අය. මම කැමති මගෙ රූපෙට නැතුව මට ආදරේ කරන කෙනෙක්. එහෙම කෙනෙක් ලැබුණු දාට මම අත අල්ලගන්නේ අතහරින්න නෙමෙයි.”

මේ විදියටයි ඉෂංකා අබේසේකර අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *