Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

ඉස්සර මම ප්ලේන් එකක් යනකොට අම්මා මේකේ යනවා කියලා කෑ ගහනවලු

නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ඉෂංකා අබේසේකර කියන්නේ. ඇය රංගනයෙන් දායක වෙන ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලිනාට්‍යය මේ වන විට ඉහල ප්‍රේක්ෂක ආදරයක් දිනා ගන්නවා. ඉතින් මේ ටෙලිනාට්‍යයේ මිනායගේ අම්මා විදියට රංගනය කරන ඒ සුරූපි රංගන ශිල්පිනිය ඉෂංකාට බොහෝ ප්‍රේක්ෂකයන් ආදරය කරනවා.

ඉතින් ඉෂංකා කුඩා කාලයේ ඉදලම හැදෙන්නේ ඇගේ තාත්තා, පුංචි සහ ආච්චි අම්මා එක්කයි. ඇගේ අම්මා ඇය කුඩා කාලයේම විදෙස් ගත වෙනවා. ඉතින් සුරූපිනියක් වෙන ඉෂංකා පාසල් යන කාලේ පටන්ම අධ්‍යාපනයට ඉතා දක්ෂ කෙනෙක්. ඇය ඇගේ ජීවිතයේ තොරතුරු මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මගේ අම්මා මට නොතේරෙන කාලෙම විදෙස් ගත වෙනවා. ඊට පස්සේ මට අම්මා වුණේ මගේ ආච්චි අම්මා. මම හිතන්නේ මට ආච්චි අම්මගෙ දරුවෙක් වෙලා ඉපදෙන්න බැරුව තමයි එයා මගේ ආච්චි අම්මා වුනේ. මගේ පුංචියි ආච්චියි නිසා අම්මා නැති අඩුව දැනුනෙ නෑ.

මගේ ඉස්කෝලේ මීටින් වලට යන්නේ පුංචියි බාප්පියි දෙන්නා. එයාලා මට අම්මා නැති අඩුව දැනෙන්නෙ දෙන්නෙ නෑ. ඉස්සර මම ප්ලේන් එකක් යනකොට මිදුලට පැනලා කෑගහනවා අපේ අම්මා යනවෝ කියලා. මම ඉස්කෝලේ යනකාලේ දග කෙනෙක් නෙමෙයි. පුංචිලාට ඉස්කෝලේ ගුරුවරු කියන්නේ මට තරමට වඩා උගන්නන්න එපා කියලා. මොකද මම හැමදේම දන්න නිසා.”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී ඉෂංකා අබේසේකර ඇගේ අතීතය ගැන අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *