මට ලොකුවට කටකතා හැදිලා නෑ, දැන් ගොඩක් කට්ටිය බුද්ධිමත්නේ
2017 දෙරණ අවුරුදු කුමරිය හරහා දෙවැනි ස්ථානය ලබා ගත් ඇය ඉෂානි විජේතුංගයි. ඉෂානි කියනවාට වඩා ඇයව ගොඩක් දෙනෙක් හදුන්වන්නේ අරුණි කියලා. ඒ ඇය රංගනයෙන් දායක වුණු දෙරණ නාලිකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යයේ අරුණි විදියටයි.

ඉතින් ඉෂානි දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යය හරහා වගේම තවත් ටෙලිනාට්‍යය ගණනාවකින් ප්‍රේක්ෂක ආදරය ලබා ගන්නවා. ඉතින් ඉෂානි රංගන ගමන තුළ ඉතා ශීඝ්‍ර ගමනක් නොගියත් තම ජනප්‍රියත්වය අඩුවක් නැතුව ලබා ගන්න රංගන ශිල්පිනියක්.
ඉතින් ඉෂානිගේ පදිංචිය නුවර වුනත් ඇගේ ශූටින් වලට ඇගේ අම්මා ඉෂානිට ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඉතින් අම්මගෙ උදව්ව ඇතුව කලා ගමන සාර්ථකව කරගෙන යන ඉෂානි ඇයට ලැබෙන කටකතා ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” මං දන්න විදියට මට ලොකුවට කට කතා හැදිලා නෑ. ඒ දේවල් වලට යම් කිසි පිරිසක් විතරයි කැමති. දැන් ගොඩක් දෙනා බුද්ධිමත් විදියට හිතන්නේ.”