Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මට ආදරයක් තිබුණා ඒක මගෙන් ගිලිහුනා, මම දැන් ආදරේ කරන්නේ ජිම් එකට

සිනමාව පුංචි තිරය හරහා අප අතරට පැමිණි ඒ කඩවසම් තාරුණ්‍යයට හිමිකම් කියන ඔහු ඉමේෂාන් නෙල්ලිගහවත්ත. ඔහු රංගනය කල ටෙලිනාට්‍යය අතරින් ඉමේෂාන්ගේ දක්ෂ රංගන විලාසයක් සිය ප්‍රේක්ෂකයාට දැක බලා ගන්න පුලුවන්. ඉතින් ඔහුව මේ දිනවල පුංචි තිරය ඔස්සේ රසිකයින්ට දැක ගන්නට හැක්කේ තුෂාරි අබේසේකර අධ්‍යක්ෂණය කරන චන්දෝලි ටෙලිනාට්‍යය හරහා.

තම පළමු නිර්මාණය චිත්‍රපටයක් වන අතර ඔහු එහිදී රංගනය කලේ කලා ලෝකයෙ ඉන්න ජ්‍යෙෂ්ඨයන් සමගයි. ඉතින් ඒ විදියට ජ්‍යෙෂ්ඨත්වයේ ඇසුර හොදින් ලබා ගත් ඉමේෂාන් රංගනයට අමතරව ඔහුගේ ව්‍යාපාරයක් කරගෙන යනවා. ඉතින් රංගනයෙන් ලැබුණු වත්කමින් ව්‍යාපාරයක් ආරම්භ කරපු ඉමේෂාන් සදහන් කරන්නේ රංගනය අධ්‍යනය කරගනිමින් ගමනක් ගියොත් ආර්ථිකය යහපත් කරගන්න අසීරු නෑ කියලයි.

ඉතින් මේ වන විට ආදරයක් නැතිව තනිකඩව ජීවත් වෙන ඉමේෂාන් ඔහුගේ අනාගත බලාපොරොත්තු සහ ආදරය ගැන කිව්වේ මේ වගේ අදහසක්.

” මට ආදරයක් තිබුණට එක එක හේතු නිසා මගෙන් ආදරේ ගිලිහුනා. දැන් මගේ එකම අරමුණ හොදම නළුවා සම්මානය ගන්න. එක වතාවක් සුමති සම්මාන උලෙලේ මම ජනප්‍රිය නලුවාට නිර්දේශ වුණා. මම කැමති හොදම නලුවා සම්මානය ගන්න. මම දැන් ආදරේ කරන්නේ ජිම් එකට. මට අරමුණු කිහිපයක් තියෙනවා. ඒ අරමුණු හැබෑ කරගෙන ආදරයක් ගැන හිතනවා.’’

මේ විදියටයි ඉමේෂාන් අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *