අපි අවුරුදු 1හමාරක් විතර ආශ්‍රය කරලා තමයි විවාහ වෙන්න තීරණය කලේ
ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ කවුරුත් ආදරය කරන ඒ සුරූපිනිය අනගි චරිතයට රංගනයෙන් දායක වෙන ඇය තමයි ජනප්‍රිය රංගන ශිල්පිනී හිරුෂි කියන්නේ. ඉතින් ඇය පසු ගියදා ඇගේ ජීවිතයේ හීනය හැබෑ කරගෙන තිබුණා. හැම යුවතියකගේම වගේ හිරුෂිගෙත් බලාපොරොත්තුව වුනේ ඇගේ විවාහ මංගල උත්සවය හරිම ලස්සනට කරගන්න. ඉතින් ඇගේ අත ගත්ත ඔහු තමයි දෙරණ නාලිකාවේ ජනප්‍රියම ජනප්‍රිය ටෙලිනාට්‍යයන් දෙකක් වන දෙවෙනි ඉනිම සහ සංගීතේ ටෙලිනාට්‍යයේ සම අධ්‍යක්ෂකවරයා වන තීක්ෂණ මනරම්.

ඉතින් ඔවුන්ගේ විවාහ මංගල දිනයේදී කලා තරු පිරිවරා ඉතාම ආකර්ෂණීය ලෙස හිරුෂිට සහ තීක්ෂණට එය කරගන්න හැකි වුණා. ඉතින් ඔවුන් දෙදෙනාගේ හමුවීම ගැන මේ විදියටයි හිරුෂි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.
” මීට අවුරුදු3 කට කලින් අපි දෙන්නා හමු වෙන්නේ. මේ ක්ශේෂ්ත්‍රයට එන්න කලින් අපි දෙන්නම ටුවරිසම් කල නිසා කතා බහ කරලා තියෙනවා. ඒ මතකයන් ඔක්කොම අවදිවුණේ මේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වීමත් එක්කයි. ඊට පස්සේ ආදර කතාව පටන් අරන් මම අම්මට කිව්වා. ඉතින් අම්මා කිව්වා ආශ්‍රය කරලා බලන්න කියලා. අවුරුදු එක හමාරක් විතර ආශ්‍රය කරලා අපි දෙන්නා ගැලපෙනවා කියලා තේරුනාම විවාහ වෙන්න තීරණය කලා.

මේ අවුරුද්දේ මැයි ජූනි වගේ ගන්න හිටියේ. නමුත් නැකැත් තිබුණේ නෑ. මට ඕන වුණේ කසාද බදින්න නිසා තීම් කලර් ගැන වැඩිය හිතුවෙ නෑ. නමුත් ලස්සනට අපිට වැඩේ කරගන්න පුලුවන් වුණා. අපේ අම්මලාටත් පුදුම සප්‍රයිස් එකක් වුණා.”
මේ විදියටයි ළගදි බැන්ද ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ අනගි හෙවත් හිරුෂි ඇගේ ආදර කතාව ගැන පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ.