Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මගේ දුවට අවුරුදු8 යි, එයා මම එක්ක එළියට යන්න කැමති නෑ කට්ටිය සෙල්ෆි ගහන නිසා

සම්මානනීය රංගන ශිල්පිනියක් විදියට පුංචි තිරය හරහා නිතරම දැක ගන්න ලැබෙන ඇය ජනප්‍රිය රංගන ශිල්පිනි හිමාලි සයුරංගී. ඇය මේ දිනවල හිරු නාලිකාවේ විකාශය වෙන දිවිතුරා ටෙලිනාට්‍යයේ සමාධී විදියට වගේම දෙරණ නාලිකාවේ විකාශය වෙන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ ත් දැක ගන්න ලැබෙනවා.

ඉතින් පුංචි තිරයේ මේ වගේ චරිත මවාපාන හිමාලි සයුරංගි කලා ක්ශේෂ්ත්‍රයට එන්නේ නිවේදිකාවක් විදියටයි. ඉතින් ටෙලිනාට්‍යය වගේම සිනමා නිර්මාණවලත් දැක ගන්න ලැබෙන හිමාලි සයුරංගි ජනප්‍රිය ‘සුනාමි’ චිත්‍රපටයේත් රංගනය කලා. මම නොවේ මම කියන ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙලා තමයි හිමාලි සයුරංගි රංගනයට වරම් ලබා ගන්නේ.

ඉතින් මේ වන විට හිමාලි ඇගේ පෞද්ගලික ජීවිතය තුල ආදරණීය මවක්. ඒ ගැන ඇය මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ.

” මගේ දුවට දැන් වයස අවුරුදු 8 යි. එයා කැමති නෑ මගෙත් එක්ක එලියට යන්න. මොකද දිවිතුරා සමාධිට ගොඩක් කට්ටිය ආදරේ නිසා ප්‍රතිචාර ලැබෙනවා. මගෙත් එක්ක සෙල්ෆි ගහන නිසා එයාට තනියම ඉන්න වෙන නිසා එයා කැමති නෑ එලියට යන්න මමත් එක්ක. අම්මි එක්ක එළියට ගියාම හරි කරදරයි කියනවා.’’

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී හිමාලි සයුරංගි අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *