Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

ඉස්සර මට හීනයක් තිබ්බා ලොතරැයියක් ඇදුනොත් අසරණ ළමයි 20 ක් විතර හදාගන්නවා කියලා

නිවේදිකාවක් විදියට ක්ශේෂ්ත්‍රයට ඇවිත් රංගන දක්ෂතා පෙන්වමින් නිවේදිකාවක් කියන භූමිකාවෙන් ඈත් වෙලා මේ වන ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇය හිමාලි සයුරංගි. හිමාලි කියන්නේ මේ දිනවල නිතර නිතර පුංචි තිරය හරහා දැක ගන්න ලැබෙන චරිතයක්. ඉතින් අහිංසක ආදරණීය අම්මා විදියට පුංචි තිරය හරහා ප්‍රේක්ෂක අපේ ආලින්දයට එන ඇය සැබෑ ජීවිතේත් ආදරණීය මවක්.

හිරු නාලිකාවේ විකාශය වෙන ‘දිවිතුරා’ ටෙලිනාට්‍යයේ ඊෂගේ අම්මා වගේම දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ අනුහස්ගේ අම්මා විදියටයි හිමාලි සයුරංගි ප්‍රේක්ෂක අපි අතරට එන්නේ. නිවේදිකාවක් කියන ක්ශේෂ්ත්‍රයෙන් ඉවත් වෙලා රංගන ශිල්පිනියක් වන ඇය හිමාලි සයුරංගි උතුම් මාතෲත්වය ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” මම මොන ක්ශේෂ්ත්‍රයේ හිටියත් මොන භූමිකාවක හිටියත් මම ආසම ආදරේ කරන එකම දේ උතුම් මාතෲත්වය. ඉතින් මට දැන් අවුරුදු 9 ක දුවෙක් ඉන්නවා. කතා කරන්න බැරි සංවේදීම මාතෘකාවක් තමයි ඒක. මම හරි ආදරෙයි දරුවන්ට. මට කාලයක් තිබ්බා හීනයක් කොහෙන්හරි ලොකු සල්ලියක් ලැබුණොත් ලොතරැයියක් වගේ ඇදුනොත් දෙමාපියෝ නැති අසරණ දරුවන් 20 ක් හරි කමක් නෑ හදාගන්න. මොකද හොද ළමයි ටිකක් අනාගතයට බාර දුන්නම ලොකු අභිමානයක් ඇති වෙනවනේ.”

මේ විදියටයි ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනී නිවේදිකා හිමාලි සයුරංගි ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *