අපේ අම්මට අයියයි අක්කයි අරන් දෙන ඒවා මාර වැදගත් මම මොනවා අරන් දුන්නත් වැඩක් නෑ
හේෂානි ලියදිපිට කියන්නේ අපේ රටේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක්. ඉතින් ‘ධරණි’ ටෙලිනාට්‍යයේ හේෂානිගේ චරිතයට ප්‍රේක්ෂකයා බෙහෙවින් ආකර්ෂණය වුණා. විශේෂයෙන්ම හේෂානිගේ බාහිර ස්වරූපයට ගොඩක් දෙනාගේ ආකර්ෂණය ලැබෙන්නේ.

ඉතින් ඇයව මේ දිනවල පුංචි තිරය හරහා දැක ගන්න ලැබෙන්නේ නපුරු සැර පරුෂ චරිතයක් හරහා. දෙරණ නාලිකාවේම විකාශය වෙන කවුරුත් ආසාවෙන් නරඹන ‘ලොක්කි 2’ ටෙලිනාට්‍යයේ මෙලීෂා විදියටයි හේෂානිව අපිට දැක ගන්න ලැබෙනෙනෙ. ඒ වගේම පසුගිය දා ඇය විවාහ ගිවිස ගැනීමත් අපිට සමාජ මාධ්‍ය හරහා දැක ගන්නට ලැබුණා.
ඒ විතරක් නෙමෙයි හේෂානිගේ උපාධිය ලබා ගන්නවාත් ඇය ඇගේ සමාජ මාධ්‍ය හරහා ප්‍රේක්ෂකයන් සමගින් හුවමාරු කරගත්තා. ඉතින් පවුලෙ බාලයා වන හේෂානි ගෙදර තොරතුරු මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” අපේ අම්මට කිසිම අඩු පාඩුවක් දැනෙන්න මම දෙන්නෙ නෑ. එයාට මොනවහරි දෙයක් ඕන වෙනවා වගේ වුනාම මම කරන්නේ ගෙනත් දෙනවා. ඒ වුනාට අපේ අම්මට ඒවා කිසිම වැදගත්කමක් නෑ. මම මොන දේ ගෙනත් දුන්නත් අගය කරන්නෑ. අයියයි අක්කයි රට ඉදන් මොනවා එව්වත් හරියට අගය කරනවා.”
මේ විදියටයි හේෂානි ඇගේ අදහස් දක්වලා තිබුණේ.