Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

ඇග පත මහත කෙනෙක් හිරට ඇදුමක් ඇන්දම ඒක දිහා අමුතුවෙන් බලන පිරිසක් ඉන්නවා, අපිට නිදහස තියෙනවා ලස්සනට අදින්න

2020 දෙරණ අවුරුදු කුමරිය විදියට කිරුළු පැළදු ඒ සුරූපිනිය තමයි හේෂානි ලියදිපිට කියන්නේ. ඇය රංගනයෙන් දායක වුණු ‘ධරනි’ ටෙලි නාට්‍යයට ඇයට ඉතා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. ඉතින් වෙනස්ම ගණයේ චරිතයකට ඇයට රංගන දායකත්වය ලබා දෙන්න හැකි වුණා.

ඉතින් මේ වන විට හේෂානි ලියදිපිට පුංචි තිරය හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා ගන්නේ ඇය මේ වන විට රංගනයෙන් දායක වෙන දෙරණ නාලිකාවේම විකාශය වෙන ‘ලොක්කිගේ කතාව’ හරහා. ඉතින් එහිදි හේෂානිට රංගනය කරන්න අවස්ථාව ලැබුණේ නපුරු චරිතයක්. ඒ කොහොම වුණත් ඕනම චරිත අභියෝගයකටම සාර්ථකව මුහුණ දෙන කෙනෙක් තමයි හේෂානි කියන්නේ.

ඉතින් පසුගිය දා වැඩිපුරම ඇය ගැන කතා කරන්නට වුණේ ඇගේ විවාහ ගිවිස ගැනීමත් එක්ක. ඇගේ සැමියා වැඩිදුර අධ්‍යාපනය සදහා විදෙස් ගත වෙලයි සිටින්නේ. ඉතින් ඉක්මනටම විවාහයත් කරන්න බලාපොරොත්තුවෙන් සිටින හේෂානි පසුගිය දා මාධ්‍ය හමුවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” අපේ රටේ නිදහසක් තියෙනවා ඕනම කෙනෙකුට ලස්සනට අදිම්න, තමන් කැමති විදියට අදින්න විලාසිතා කරන්න. නමුත් අද වෙන විට කොට ඇදුමක් ඇන්දත්, ඇග පේන්න ඇන්දත්, මහත කෙනෙක් හිරට ඇන්දත් මිනිස්සු ඒක දිහා අමුතුවෙන් බලන පිරිසක් ඉන්නවා. ලංකාව කියන්නේ ලිංගිකත්වය සගවාගෙන ඉන්න රටක්.’’

මේ විදියටයි හේෂානි ලියදිපිට ඇගේ අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි ජීවිතයට අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *