Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

පවුලෙ අය මගේ තාත්තට කිව්වා කොළඹට ගිහින්වත් ළමයි රජයේ කැම්පස් එකකට යවන්න බැරි වුණානෙ කියලා

මේ දිනවල ප්‍රේක්ෂක අපේ ආලින්දයට ටිකක් නපුරු සැර පරුෂ චරිතයක් හරහා දැක ගන්න ලැබෙන ඇය හේෂානි ලියදිපිට. ඉතින් දෙරණ නාලිකාවේ විකාශය වන ‘ලොක්කිගේ කතාව’ ටෙලිනාට්‍යයේ මෙලීෂා විදියටයි හේෂානි අපි අතරට එන්නේ ඉතින් ධරනි ටෙලිනාට්‍යයේ හිටපු හේෂානි රංගනයට වගේම නර්තනයටත් දක්ෂතා දක්වන ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඉතින් හේෂානි ලියදිපිටව අපිට දැක ගන්න පුලුවන් සමාජ මාධ්‍ය හරහා ඇගේ නර්තනයන්. ඉතින් කලාවට වගේම ඉගෙනීමටත් දක්ෂතා දක්වන හේෂානි පසු ගිය දා විවාහ ගිවිස ගැනීමත් එක්ක ඇය ගැන ඇයට ආදරය කරන බොහෝ දෙනා කතා කරන්නට වුණා. ඉතින් හේෂානි ඉක්මනටම විවාහ උත්සවය ගන්නයි බලාපොරොත්තුවෙන් ඉන්නේ.

ඉතින් හේෂානි සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක්. ඇයගේ ඒ අභියෝගය සදහා ලොකු වෙහෙසක් සහ මහන්සියක් දරලා තමයි අද වන විට ජයග්‍රහණය ලබලා තියෙන්නේ. ඉතින් හේෂානි ඒ සතුට ගැන කිව්වේ මේ වගේ අදහසක්.

” මම හිතන්නේ මගේ වෙඩින් එක දවසෙවත් මම ඒ තරම් සතුටුවෙන්නැති වෙයි. ඒ තරමට මට සතුටුයි මගේ උපාධිය අත්ත දවස. ඇත්තටම මගේ ලෝගුවේ බර මට නෙමෙයි අයිති මගේ තාත්තට. අපේ තාත්තා රැකියාවට ගමේ ඉදලා කොළඹ එන්නේ. ඉතින් අපේ තාත්තා පවුලෙ අයගෙන් නෑදැයන්ගෙන් අහපු නැති කතාවක් නෑ. කොළඹ ගිහිලාවත් රජයේ කැම්පස් එකකට එක ළමයෙක් වත් යවා ගන්න බැරි වුනානේ කියලා. අන්න ඒ දේට තමයි මම් මහන්සි වෙලා වැඩ කලේ. ඒ ගැන මම කාටවත් කිව්වෙ නෑ. මට ස්ටේජ් එකට මගේ අම්මයි තාත්තයි එක්කන් යන්න තිබුණනම් කියලා හිතුනා උපාධිය ගන්න. එතකොට තමයි මගේ උපාධිය කම්ප්ලීට් වෙන්නේ.”

මේ විදියටයි හේෂානි ලියදිපිට සංවේදී වෙමින් අදහස් දක්වලා තිබුණෙ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *