සමහර නවකයො අපේ මූණ බලලා කතා කරන්නෑ, අපි යන්නෙත් නෑ එහෙම අයට කතා කරන්න
වේදිකාව තුලින් සිය රංගන ජීවිතය ආරම්භ කරපු ඇය ප්‍රවීන රංගන ශිල්පිනී හසිනිකා කරලියද්ද. ඇය 1995 වසරේ සිට හොදම නිළිය ඇතුළු සම්මාන රැසක් හිමි කරගන්නට වාසනාවන්ත වුණා. ඉතින් හසිනිකා කරලියද්ද රංගනය කල ටෙලිනාට්‍යය විදියට නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයට ඉහල ප්‍රේක්ෂක ආදරයක් ඇයට ලැබුණා.
ඉතින් ඒ වගේම මේ දිනවල ඇයව පුංචි තිරය හරහා දැක බලා ගන්නට පුලුවන්. ඒ සිහින ගෙනෙන කුමාරියේ ටෙලිනාට්‍යයේ සහ සංසාරිණි ටෙලිනාට්‍යයේ. ඉතින් හසිනිකා කරලියද්ද රංගන ශිල්පිනියක් වගේම හඩ කැවීම් ශිල්පිනියක් විදියටත් හදුන්වා දෙන්න පුලුවන්.

ඇගේ සැමියා ඇයට හමු වෙන්නේ මල්ලි කෙනෙක් හරහා. ඉතාම අහම්බයකින් බස් එකේදි මුණ ගැහෙන මල්ලි හරහා හමුවෙන කුමාර අවසානෙදි ඇගේ සැමියා විදියට ජීවිතයට එකතු වෙනවා. ඉතින් ක්ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රවීන රංගන ශිල්පිනියක් විදියට හසිනිකා කරලියද්ද ඇගේ අදහස් මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ ප්‍රවීනයන් සහ නවකයන් කියන දෙගොල්ල එක්කම රගපාන්න සිදු වුණා. ඒක සුන්දර අත්දැකීමක්. අපි නවකයින්ට අඩුපාඩු කියලා දෙන්නේ අපේම ළමයින්ට වගේ ගොඩක් හොදින්. ගොඩක් නවකයො හොදයි. හොදට කතා බහ කරලා ඉන්නවා. සමහරක් අය අපේ මූණ බලලා කතා කරන්නෑ. ඒ වගේ අයට අපි බලෙන් කතා කරන්න යන්නෙත් නෑ.”
මේ විදියටයි ප්‍රවීන රංගන ශිල්පිනී හසිනිකා කරලියද්ද අදහස් දක්වලා තිබුණේ.