Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම විවාහයෙන් අයින් වෙනකොට පුතාට අවුරුද්දයි, අම්මෝ ආයේ කසාදයක් ගැන හිතන්නෙවත් නෑ – ෆිල්ටිගෙන් වෙන්වුණු හසිනි

නිරූපන ක්ශේෂ්ත්‍රය තුළ කාලයක් ප්‍රේක්ෂකයන් නිතරම කතා බහට ලක් වුණු ඇය හසිනි සැමුවෙල්. නිරූපන ක්ශේෂ්ත්‍රයට අමතරව වෙළද දැන්වීම් සහ මියුසික් වීඩියෝ හරහා ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය ලබාගත්ත හසිනි ප්‍රසිද්ධ රැප් ගායක ෆිල්ටි සමගින් විවාහ වෙලා මේ වන විට ආදරණීය පුතා සමගින් තනිකඩ ජීවිතයක් ගත කරන කෙනෙක්.

මුලින්ම වෙළද දැන්වීමක රංගනය කරපු හසිනි 2017 වසරේ මිස් ටුවරිසම් පැජන්ට් එක හරහා නිරූපන ක්ශේෂ්ත්‍රයට එන්නේ. මේ පැජන්ට් එහ හරහා සෙකන්ඩ් රනර් අප් වුණා ඇයව. ඉතින් එතනින් වැඩේ අත් හරින්නෙ නැතුව උත්සහ කරලා අද වන විට ඇය රටේ කොයි කවුරුත් දන්න නිරූපන ශිල්පිනියක්.

ඉතින් මේ වෙනකොට පුතා සමහින් තනිකඩ ජීවිතයක් ගත කරන හසිනි ඇගේ තනිකඩ ජීවිතය ගැන මේ විදියටයි එක්තරා පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ.

” මම විවාහයෙන් අයින් වෙනකොට පුතාට අවුරුද්දයි. මම ඒ තීරණය ගත්තේ මගේ පුතාට හොද අනාගතයක් ඕන නිසා. මම බොහොම අමාරුවෙන් මේ තීරණය ගත්තේ. තනිවීම දුකක් නැත්තෙම නැහැ. කවුරුත් කැමති හොද පවුල් ජීවිතයක් ගත කරන්නනේ. දැන් මම අම්මලා එක්ක ඉන්නේ. මම පුතා එක්ක දැන් සතුටින් ජීවත් වෙන්නේ. අම්මෝ මම ආයේ විවාහයක් ගැන හිතන්නෙවත් නෑ. මම දැන් ආදරය කියන වචනෙට බයයි. මට දැන් වටිනම ජීවිතේ මගේ පුතා.

මේ විදියටයි ෆිල්ටිගෙන් වෙන්වුනු හසිනි සැමුවෙල් ඇගේ විවාහය ගැන අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *