Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම දැන් සිංගල්, මට ඕනේ මගෙ පුතාට හොද අම්මා කෙනෙක් වෙන්න – ෆිල්ටිගෙන් වෙන්වුණු හසිනි සැමුවෙල්

කාලයක් වැඩි පුරම කතා බහට ලක් වුණු ඒ සුරූපිණිය මේ වන විට ඇගේ විවාහයෙන් පසුව වැඩි පුර සමාජ මාධ්‍ය හරහා කතා බහට ලක් වුණේ නෑ. ඒ සුරූපිනිය තමයි ජනප්‍රිය නිරූපන ශිල්පිනී හසිනි සැමුවෙල්. රැප් ගායක ෆිල්ටි සමගින් විවාහ වෙලා හිටපු හසිනි ක්ශේෂ්ත්‍රයේ මේ වන විට කාර්‍යබහුල වෙලා වැඩ කටයුතු කරමින් සිටිනවා.

ඉතින් හසිනි සැමුවෙල් ඇගේ ව්‍යාපාරයක් කරගෙන යනවා. RADOLTE කියලා ඇගේම ව්‍යාපාරයක් කරගෙන යන්නෙ. ඉතින් හසිනි ක්ශේෂ්ත්‍රයට ආවේ 2017 වසරෙදි. ඒ මිස් ටුවරිසම් පැජන්ට් එක හරහා සෙකන්ඩ් රනර් අප් වෙලා. එතැනින් පස්සේ මිස් ඒෂියා පැජන්ට් එකට ඇප්ලයි කරලා ඇය ජයග්‍රහණය කරන්න වාසනාවන්ත වෙනවා.

ඉතින් හසිනි සැමුවෙල්ට මේ වන විට රංගනයටත් ආරාධනා ලැබුණත් ඇය තවම රංගනයට හිත යොමු කරලා නෑ. ඉතින් පුතා සමගින් සතුටින් ජීවත් වෙන හසිනි ඇගේ අනාගත බලාපොරොත්තු ගැන මේ විදියටයි පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මම දැන් සිංගල්. ආදරය කියන්නේ හැගීමක්. ඉතින් ඒක කවදා කොහොම ඇතිවෙයිද දන්නෙ නෑ. නමුත් දැනට මට ආදරේ කරන්නේ මගේ පවුල් අය විතරයි. මම බලාපොරොත්තු වෙන්නේ මගේ දරුවා හදාගෙන සතුටින් ඉන්න. මට ඕන එයාට හොද අම්මා කෙනෙක් වෙන්න. මම ආදරේ කියන දේ අත්වින්දේ මීට අවුරුදු ගානකට කලින්. ඉදිරියේදී ආදරය කියන දේ දැනෙයිද දන්නෙ නෑ.’’

මේ විදියටයි හසිනි සැමුවෙල් ජනප්‍රිය නිරූපන ශිල්පිනිය අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *