මම නිරූපන ක්ශේෂ්ත්‍රයට ආවේ අවුරුදු 17දි, ළගම හිටපු යාලුවෝ මට වල කැපුවේ – හසිනි සැමුවෙල්
නිරූපන ක්ශේෂ්ත්‍රය තුළ කැපී පෙනෙන චරිතයක් වගේම බොහෝ දෙනා අතර වැඩි කතා බහට ලක් වෙන කෙනෙක් තමයි ජනප්‍රිය නිරූපන ශිල්පිනී හසිනි සැමුවෙල් කියන්නේ. ඇය රැප් ගායකයෙක් වන ෆිල්ටි සමගින් විවාහ වීමත් එක්ක ඇය ගැන ගොසිප් මැවීම අඩුවක් වුණේනම් නෑ.

මේ වන විට පුංචි පුතෙක් සමගින් තනිකඩ ජීවිතයක් ගත කරන හසිනි නිරූපන ක්ශේෂ්ත්‍රය තුළනම් මේ වනවිට නිතරම දැක ගන්නට ලැබෙනවා. ඉතින් පුතා ලැබුණට පසුව කාලයක් ක්ශේෂ්ත්‍රයේ වැඩිපුර දැක ගන්නට නොහැකි වුණත් නැවත දැන් ඇගේ කාර්‍යබහුලත්වය අපිට දැක ගන්න පුලුවන්.
ඉතින් ඇය ෆිල්ටි සමගින් විවාහ වෙලා ඔහුගෙන් ඈත් වෙලා ජීවත්වෙන්නේ. ඇය ෆිල්ටිගෙන් අයින් වෙනකොට පුතාට අවුරුද්දක්වත් නෑ. ඉතින් ඇය එම තීරණය ගත්තේ දරුවගේ අනාගතය වෙනුවෙන්. කොහොම නමුත් ජීවිතයේ ලොකු අභියෝගයක් වුණු තනිකඩ ජීවිතය තුළ ඇගේ වටිනාම සම්පත දරුවා. ඒ ගැන වගේම ක්ශේෂ්ත්‍රය ගැන හසිනි සැමුවෙල් ඇගේ අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මම ක්ශේෂ්ත්‍රයට ආවේ අවුරුදු 17න්. මට ගොසිප් හැදුවේ මගේ ළගම හිටපු යාලුවෝ. මට හරියට යාලුවෝ අදුනගන්න බැරි වුණා. මට ගොසිප් හැදෙනවට මුල් කාලේ දුකෙන් හිටියත් දැන්නම් මම ඒවට මුහුණ දෙන්නෙ ශක්තිමත්ව. මම දැන් ඇත්ත කතා කරන්න බය නෑ.”