Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

දෙව්නක මට වඩා දවස් 2 කින් වැඩි මහල්, ඇයි මම වැඩි මහල් වගේ පේනවද

පුංචි තිරයේ වැඩිපුර ප්‍රේක්ෂක ආදරයක් දිනා ගන්න මේ පෙම්වතුන් යුවල කවුරුත් ආදරේ කරන හෂිනි වෑදණ්ඩ සහ දෙව්නක පෝරගේයි. ඉතින් මේ දෙදෙනා පෙම්වතුන් කියලා මුලින්ම ප්‍රේක්ෂකයන්ට නොකියූවත් හැමෝම වගේ මේ දෙන්නා අතර තියෙන සම්බන්ධය කවුරුත් හොයන්න පටන් ගත්තා. හෂිනි වෑදණ්ඩ සංගීතේ ටෙලිනාට්‍යයේ රංගනය කල කෙනෙක් වගේම ඇය මේ වන විට විශ්ව විද්‍යාලයේ සංගීතය හදාරමින් ඉන්නවා.

ඉතින් දෙව්නක පෝරගේ කියන්නේ කලා ශිල්පිනී නිමන්ති පෝරගේට නෑදෑකමක් දක්වන කලා ක්ශේෂ්ත්‍රය තුළ මීට කාලයකට පෙර සිටි කෙනෙක්. ඉතින් දෙව්නක සහ හෂිනි ගැන ඔවුන්ගේ සමාජ මාධ්‍ය හරහා අපිට දැක ගන්න ලැබෙනවා. ඉතින් පසුගිය දිනක දෙව්නක පෝරගේ සහ හෂිනි වෑදණ්ඩ ඔවුන්ගේ යූ ටියුබ් නාලිකාව හරහා රසිකයින් අහපු ප්‍රශ්න කීපයකට උත්තා කියලා තිබුණා.

එහිදී එක රසිකයෙක් අහලා තිබුණා මේ දෙන්නගෙන් වැඩි මහල් කවුද කියලා. ඉතින් ඒකට හෂිනි කිව්වේ ඒ වගේ අදහසක්.

” අපි දෙන්න දැක්කම මම වැඩි මහල් වගේ පේනවද. දෙව්නක මට වඩා දවස් දෙකක් වැඩි මහල්. එතකොට එයා තමයි අයියා. අපි දෙන්නට දෙන්නා කාවවත් කන්ට්‍රෝල් කරන්න යන්නෙ නෑ. මම දෙව්නක නිසා කන්ට්‍රෝල් වෙනව. එයා මම නිසා කන්ට්‍රෝල් වෙනවා. අපි අතර තියෙන විශ්වාසය හොදටම තියෙනවා. අපිදෙන්නගෙන් වැඩියෙන්ම තරහ යන්නෙ මට. දෙව්නක ගොඩක් හොද කෙනෙක්.”

මේ විදියටයි හෂිනි වෑදණ්ඩ ඇගේ සහ දෙව්නකගේ අදහස් දක්වලා තිබුනෙ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *