මගේ ඇගේ ටැටූ 14 ක් තියෙනවා, තව ටැටූ කරනවා
ළමා රංගන ශිල්පිනියක් විදියට ක්ශේෂ්ත්‍රයට ආපු ඇය අද වන විට සම්මානනීය රංගන ශිල්පිනියක්. ඉතින් එදා සුජාතා හී රංගනය කරපු හර්ෂි රසාංගා අද වන විට පෙම්වතියගේ චරිතය රගපාන තරුණ රංගන ශිල්පිනියක්. ඉතින් හර්ෂි රසාංගා හිරු නාලිකාවේ විකාශය වෙන ‘ලංවී’ ටෙලිනාට්‍යය හරහා ඇයට ආදරය කරන ප්‍රේක්ෂක ජනතාවට දැක බලා ගන්න පුලුවන්.

ඉතින් සුරූපි ජනප්‍රිය රංගන ශිල්පිනී හර්ෂි ගැන සමාජ මාධ්‍ය නිතරම පාහේ කතා බහ කරන්නට වෙලා. ඒ ඇය පසුගිය දා විවාහ ගිවිස ගැනීමත් එක්කයි. ඉතින් හර්ෂිගේ අත ගත්ත ඒ තරුණයා කෝටිපති කෙනෙක් කියලා කතා පැතිරුණත් හර්ෂි කියන්නේ ඔහු සාමාන්‍ය පවුලකින් එන කෙනෙක් කියලා.
ඉතින් විවිධ විලාසිතා කරන හර්ෂි මේ දිනවල දැක ගන්න ලැබෙන්නේ කොන්ඩය කොට විලාසිතාවකින්. ඇයගේ ඒ හැමදේකටම ඇගේ සැමියාගෙන් කිසිම ප්‍රශ්නයක් නෑ කියලයි හර්ෂි කියන්නේ. ඉතින් ළගදිම ලංකාව දාලා යන්න ඉන්න හර්ෂි ඇගේ ටැටූ ගැන එක්තරා රූපවාහිනී වැඩ සටහනකදී අදහස් දක්වලා තිබුනේ මේ විදියටයි.

”මගේ ඇගේ ටැටූ 14 ක් තියෙනවා ඔක්කොම. මේ ඔක්කොම මගේ ජීවිතයට සමීප දේවල්. ඉතින් මම බල්ලන්ට ආස නිසා ඒක ගැහුවා. මම අහසට ආස නිසා ඒවගේ එකක් ගැහුවා. මම මියුසික් වලට ආස නිසා ඒ වගේ එකක් ගැහුවා. මම මෙහෙම ටිකක් ටැටූ කලේ රගපාන නිසා. නැත්නම් තව ටැටූ කරනවා. ඉදිරියේදී තව ටැටූ කරන්න ආසාවෙන් ඉන්නේ.”
මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී හර්ෂි රසාංගා අදහස් දක්වලා තිබුනේ.