Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අපේ සම්බන්ධය ඇතිවෙලා මාස 7න් විවාහ වෙන්න තීරණයක් කලේ, තව මාස 3කින් මම ලංකාවෙන් යනවා

ළමා රංගන තාරකාවක් විදියට ක්ශේෂ්ත්‍රයට ඇවිත් මේ වන විට රංගන ක්ශේෂ්ත්‍රයේ විශාල ප්‍රේක්ෂක ආදරයක් ලබා ගත්තා වගේම සම්මානනීය රංගන ශිල්පිනියක් තමයි හර්ෂි රසාංගා කියන්නේ. වයසින් පොඩි වුණත් ඇය රංගන ක්ශේෂ්ත්‍රයේ අත්දැකීම් වලින් පරිපූර්ණ රංගන ශිල්පිනියක් විදියට හර්ෂි රසාංගා පෙන්වා දෙන්නට පුලුවන්. ඇගේ පෞද්ගලික ජීවිතය තුල යම් කිසි වෙනස්කම් කිහිපයක්ම සිදු වුණා.

ඒ ගැන සමාජ මාධ්‍ය තුළත් නිතරම කතා බහට ලක් වුණා. ඉතින් හර්ෂි රසාංගා රංගනයට සමු දුන්නත් ඇය ඇගේ වෙනස්ම දක්ෂතාවයක් මේ වන විට ප්‍රේක්ෂකයාට ගෙන හැර දක්වලා තියෙන්නේ. ඒ ඇය මීට දින කිහිපයකට පෙර ගීතයක් එළිදක්වලා තිබුණා. අධ්‍යාපන කටයුතු වලට විදෙස් ගත වෙන්න ඉන්න හර්ෂිට රංගන කටයුතු වලට සමු දුන්නත් ඇගේ ගායන වැඩනම් ඉදිරියට කරගෙන යන්න හැකි වෙන බව ඇය සදහන් කලා. ඉතින් හර්ෂි ඇගේ ජීවිතයේ තොරතුරු කිහිපයක් මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ.

” මම සම්මානයක් ලැබුණු නිසා හැමෝම හිතුවේ රට දාලා යන තීරණේ වෙනස් වෙයි කියලා. නමුත් මම මීට කලින් විදෙස් ගත වෙලා ඉගෙන ගන්න හිටියේ. දැන්නම් ඒ තීරණෙ කොහොමත් වෙනස් වෙන්නෙ නෑ. මම තව මාස තුනකින් ලංකාවෙන් යනවා. ඒ මගේ සැමියා ඉන්න කටාර්වලට යන්නේ. මම අධ්‍යාපන කටයුතු කරන ගමන්ම ගායන කටයුතුත් කරනවා.

මමයි මහේනුයි හම්බවෙන්නේ ඉන්ස්ටග්‍රෑම් එකෙන්. නමුත් අපි යාලුවෙලා මාස දෙකකින් තමයි හැබෑවටම මුණ ගැහෙන්නේ. එයාව එයාර්පෝර්ට් එකේදි දකිනකොට මට පුරුදු බවක් දැනුනා. අපි දෙන්නා ආදර සම්බන්ධය ඇතිවෙලා මාස හතකින් විතර විවාහ වෙන්න තීරණය කලා. අවුරුද්දක් වෙනකොට විවාහ වුණා. අපි වයසින් මුහුකුරා නොගියට අපි දෙන්නට එකට ජීවත් වෙන්න පුලුවන් කියලා දැනුනු නිසයි විවාහ වුනේ. අපේ ගෙවල් වලින් අපි දෙන්නගේ තීරණයට කැමති වුණා.’’

මේ විදියටයි සුරූපි රංගන ශිල්පිනී හර්ෂි රසාංගා අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *