Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මම එයා එක්ක විවාහ වුණේ මට එයා එක්ක ජීවත් වෙන්න පුලුවන් කියලා හිතුන නිසයි -අලුත බැදපු හර්ෂි දැන් කියන කතාව

සුජාතා ටෙලිනාට්‍යයේ රංගනය කරපු ළමා රංගන ශිල්පිනිය විදියට කොයි කාගේත් ආදරය ලබා ගත්ත ඇය තමයි සුරූපි රංගන ශිල්පිනී හර්ෂි රසාංගා කියන්නේ. ඇය මේ වන විට රසික ආදරය ඉහලින්ම ලබා ගත්ත ඒ වගේම හැමෝම දන්න හදුනන චරිතයක් බවට පත් වෙලා. සුමති සම්මාන උළෙලේදී සම්මානයක් ලබා ගන්න වාසනාවන්ත වුණු ඇය ගැන පසු ගියදා වැඩි පුර කතා කරන්නට වුණා.

ඒ සුරූපි රංගන ශිල්පිනියගේ විවාහ ගිවිස ගැනීමත් එක්කයි. ඇය විවාහ වුණේ ගුවන් සේවයේ නියුතු මහේන් සමග. මේ දෙදෙනා හමු වුණේ ඉන්ස්ටග්‍රෑම් එක හරහා. එතනින් පටන් ගත්ත ආදරය අද වන විට සාර්ථක වෙලා තියෙනවා.

ඉතින් හර්ෂිගේ අත ගත්ත සැමියා හර්ෂිට වඩා වයස අවුරුදු හයකින් වැඩි මහල්. ඉතින් වයසට වඩා වයසින් මුහුකුරා ගිහින් සිටින හර්ෂි ඇගේ අලුත් ජීවිතය ගැන කිව්වේ මේ වගේ අදහසක්.

” මම මගේ වයසට වඩා මුහුකුරා ගිහින් ඉන්නේ. මම පුංචි වයසින්ම ජීවිතේ ගැන අමුතු විදියට හිතන්න වැඩ කරන්න පුරුදු වෙලා තියෙන්නේ. මම මහේන් එක්ක විවාහ ගිවිස ගත්තේ එයා එක්ක විවාහ ජීවිතයක් ගත කරන්න පුලුවන් කියලා. මම විශ්වාස කරනවා මට එයා සහයෝගයක් ලබා දෙයි කියලා. ජීවිතේ බරවෙන්නේ තනියම අදිනකොටනෙ. එයා මට සහයෝගය දෙනවා.’’

මේ විදියටයි හර්ෂි රසාංගා අලුත් ජීවිතය ගැන අදහස් දක්වලා තිබුනේ. ඉතින් ඇගේ ඉදිරි පවුල් ජීවිතයට සුබ පැතුම් ඉටු කරන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *