මට තාම වයස 20 යි, මම ජීවත් වෙන්නෙ මට ඕන විදියට
ළමා කාලයේම රංගන ක්ශේෂ්ත්‍රයට ආව ඒ සුරූපිනිය තමයි හර්ෂි රසාංගා කියන්නේ. හර්ෂි කිව්වම නොදන්න කෙනෙක් නෑ. එ තරමටම ඇය මාධ්‍ය තුළ හා සමාජ මාධ්‍යයේ ඉතා ජනප්‍රියයි. හර්ෂි මුලින්ම රංගන ක්ශේෂ්ත්‍රයට එන්නේ වෙළද දැන්වීම් හරහා. ඉන්පසුව ඇය ‘සුජාතා’ ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වෙනවා.
ඉතින් හර්ෂි රසාංගා කියන්නේ ඉතාම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒවගේම පසුගියදා ඇය වසරේ නැගී එන නිලිය විදියට සම්මානයක් හිමි කරගන්නට වාසනාවන්ත වුණා. ඉතින් හර්ෂි රසාංගාගේ විවාහ ගිවිස ගැනීම පසුගිය දා සිදුවීමත් එක්ක ඇය ගැන හැමෝම වගේ කතා කරන්නට වුණා.

ඉතින් හර්ෂි රසාංගා රංගනය කල ‘ලංවී’ ටෙලිනාට්‍යයට ඇයට ගොඩක් දෙනෙක් ආදරය කලා. ඉතින් විලාසිතා වලට බෙහෙවින් ප්‍රිය කරන හර්ෂි රසාංගා ටැටූ විලාසිතාවටත් බෙහෙවින්ම ප්‍රිය කරන කෙනෙක්. ඉතින් කොට කොන්ඩයකින් සැරසිලා ඉන්න හර්ෂිට ඇගේ සියලුදේවල් වලට ඇයට සැමියාගෙන් කිසිම තහනමක් නෑ කියලයි ඇය පවසන්නෙ. ඉතින් ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී ඇගේ අදහස් කිහිපයක් මේ විදියටයි එකතු කරලා තිබුණේ.

” මට අවුරුදු 20. මම ක්ශේෂ්ත්‍රයට ආවේ පොඩි කාලේදිමනේ. ඒ නිසා මට ක්ශේෂ්ත්‍රයට ආව ගමන් අයුතු යෝජනා ආවේ නෑ. මොන ක්ශේෂ්ත්‍රය තුළදිද එහෙම යෝජනා නැත්තේ. මේකෙත් නැත්තෙ නෑ. අපි දැනගන්න ඕන කොහොමද ඉන්න ඕන කියලා. අපිට බනින මිනිස්සුන්ව නවත්තන්න බෑ. අපි මොන දේ කලත් බනින මිනිස්සු ඉන්නේ. මම ජීවත් වෙන්නෙ මට ඕන විදියට. මගේ පවුලෙ අයට ප්‍රශ්නයක් නැත්නම් මට කිසිම දෙයක් අදාල නෑ.”
මේ විදියටයි හර්ෂි රසාංගා අදහස් දක්වලා තිබුණේ.