Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

මට අයුතු යෝජනා ආවේ මම ලගින්ම ආශ්‍රය කරපු අයගෙන්මයි, පස්සේ එයාලා මට සොරි කිව්වා

හර්ෂි රසාංගා කියන්නේ කලා ක්ශේෂ්ත්‍රය තුළ ඉන්න තරුණ පරපුර නියෝජනය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ළමා කාලයේදීම කලා ක්ශේෂ්ත්‍රයත් සමග එකතුවෙන හර්ෂි රසාංගා මේ වන විට සම්මානනීය රංගන ශිල්පිනියක්. ඇය මුලින්ම වෙලද දැන්වීම් වල රංගනය කරලා පසුව සුජාතා කතාව හරහා ප්‍රේක්ෂකයා අතරට ආවා.

ඉතින් හර්ෂි රසාංගා මේ වන විටනම් රංගනය අතහැර විදේශ ගත වෙන්නයි සූදානමින් ඉන්නේ. ඇගේ විවාහ ගිවිස ගැනීමත් එක්ක ඇය ගැන සමාජ මාධ්‍ය හරහා බෙහෙවින් කතා කරන්නට වුනා. ඉතින් හර්ෂි රසාංගා තරුණ රංගන ශිල්පිනිය ඇගේ ගීතයක් පසුගිය දා එළිදක්වලා තිබුණා. ඇය රංගනයට වගේම ගායනයටත් ඉතා දක්ෂ කලා කාරිණියක්.

ඉතින් තරුණ රංගන ශිල්පිනියක් විදියට හර්ෂිට ක්ශේෂ්ත්‍රය තුලින් මුහුණ දෙන්නට සිදු වුණු අයුතු යෝජනා ගැන මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මට ක්ශේෂ්ත්‍රය තුළ අයුතු යෝජනා ආවේ මම ලගින්ම ආශ්‍රය කරපු අයගෙන්. සමහරක් අයට මම කෙලින්ම කියන්න ඕන දේ කිව්වා. තවත් සමහරු මම මග හැරියා. තවත් කට්ටියට අම්මා හරහා කියෙව්වා. එහෙම අයුතු යෝජනා කොහෙදි වුණත් එනවා. මම පැහැදිලි කලාම සමහරු මට සොරි කිව්වා. එයාලා තේරුම් ගත්තා. මම එක්ක සාමාන්‍යයෙන් ආශ්‍රය කරලා ඉන්නවා ඒ අය.”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී හර්ෂි රසාංගා ඇගේ අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *