අපි දෙන්නා යාලුවෙලා මාස දෙකකින් තමයි මුලින්ම දැක්කේ, මම කොන්ඩෙ කැපුවෙ ලංවී ඩ්‍රාමා එක ඉවර වුනාම
සුජාතා ටෙලිනාට්‍යයේ ළමා චරිතයකට රංගනයෙන් දායක වුනු ඇය සුරූපි නිලි හර්ෂි රසාංගා. මේ වන විට තිරයේ වැඩිම ආකර්ෂණයක් ලබා සිටින හර්ෂි පසුගිය දා පැවති සුමති සම්මාන උළෙලේ සම්මානයකට හිමිකම් කියන්නත් වාසනාවන්ත වුණා. ඉතින් හර්ෂි මෑතකදී රංගනයෙන් දායක වුනු හිරු නාලිකාවේ විකාශය වෙන ‘ලංවී’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිත රංගනයකට තමයි තම දායකත්වය ලබා දුන්නේ.

හර්ෂි රසාංගා කියූ සැනින් ප්‍රේක්ෂකයාට සිහියට නැගෙන දෙයක් තමයි ටැටූ විලාසිතාව. එය චරිත සදහා අධ්‍යක්ෂකවරුන් තෝරා ගැනීමේදි රංගන ශිල්පිනියට අවාසි සහගත දෙයක් බැව් හර්ෂි සදහන් කලා. ඒ වගේම පසුගිය දවසක හර්ෂි විවාහ ගිවිස ගත්තා කියලා සමාජ මාධ්‍යය හරහා හැමෝම දැන ගැනීමත් එක්ක කවුරුත් බැලුවේ ඇයි ඇය ඉක්මනින්ම විවාහ වෙන්න තීරණය කලේ කියලා.
මේ අවුරුද්දෙම ලංකාවෙන් යන්න තීරණය කරපු හර්ෂි රංගනයට සමු දෙන්න තමයි සූදානම් වෙලා තියෙන්නේ. නැවත ලංකාවට එන්න අදහසක් නැති ඇය මේ විදියටයි ඇගේ අතගත්ත මහේන් මුණ ගැහුණු විදිය ගැන කියලා තිබුණේ.

” අපි දෙන්න මුණ ගැහුණේ ඉන්ස්ටග්‍රෑම් හරහා. මම දාපු ෆොටෝ එකකට මහේන් මැසේජ් කලා. ඒ ගමන්ම එයා මම රිලයි කලා. මට ඒක පුරුදු බවක් දැනුනු නිසා. ඒක තමයි මේ තරන් දුර දිග ගියේ. අපි දෙන්නා යාලුවෙලා මාස දෙකකින් තමයි මුලින්ම දැක්කේ. එයා දැනගෙන හිටියා මම නිලියක් කියලා. එයාට ඉන්න බැරිම තැන නිවාඩු දාගෙන මාව බලන්න ආවා. ම කොන්ඩෙ කැපුවෙ හරිම ආස නිසා. ලංවී ටෙලි ඩ්‍රාමා එක ඉවරවුන ගමන්ම කොන්ඩෙ කැපුවා. අධ්‍යක්ෂකවරු මට කොන්ඩෙ කපන්න දුන්නෙ නෑ.”
මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී හර්ෂි රසාංගා අදහස් දක්වලා තිබුණේ.