Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අපි දෙන්නා යාලුවෙලා මාස2 ට පස්සෙ තමයි හැබැහින් දැක්කේ, මට එයාව පුරුදු කෙනෙක් වගේ දැනුනෙ

ළමා රංගන ශිල්පිනියක් විදියට ක්ශේෂ්ත්‍රයේ හිටපු ඇය අද වන විට ජනප්‍රිය සම්මානනීය රංගන ශිල්පිනියක්. ඉතින් හර්ෂි රසාංගා කිව්ව සැනින් මේ වන විට නොදන්න කෙනෙක් නෑ. ඒ තරමටම හර්ෂිව හැමෝම දන්නවා. විවිධ විලාසිතා කරන හර්ෂි ටැටූ විලාසිතාවටත් බෙහෙවින් ප්‍රිය කරන කෙනෙක්. පසුගිය දා විවාහ ගිවිස ගත්ත හර්ෂි රංගන ක්ශේෂ්ත්‍රයට සමුදීලා විදෙස් ගත වෙන්නයි යන්නේ.

හර්ෂි යන්න හදන්නේ ඇගේ සැමියා මහේන් ජීවත් වෙන කටාර් වලටයි. ඇගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා මීට කලින් සිටම විදෙස් ගත වෙන්න තීරණය කරලා තිබුණත් ‘ලංවී’ ටෙලිනාට්‍යය නිසා ඇයට ඒ සදහා විදෙස් ගත වෙන්න නොහැකි වුණත් මේ වතාවෙනම් කිසිම හේතුවකට එය කල් දාන්නෙ නෑ කියලයි ඇය සදහන් කලේ.

ඉතින් මහේන් හර්ෂි ආදරකතාව ගැන දැන්නම් නොදන්න කෙනෙක් නෑ. මේ දෙදෙනා මුණ ගැහිලා තියෙන්නේ ඉන්ස්ටග්‍රෑම් එක හරහා. ඉතින් ඒ හමුවීම ගැන හර්ෂි මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” අපි දෙනා ඉන්ස්ටග්‍රෑම් එකෙන් හමූවුණේ. නමුත් අපේ සම්බන්ධය පටන් අරන් මාස දෙකක් ගියාම තමයි අපි හැබැහින් දැක්කේ. එදා මම එයාර්පෝර්ට් එකේදී මහේන්ව දකිද්දී මට එයාව පුරුදු කෙනෙක් වගේ දැනුනා. අපි හැබැහින් නොදැක්කත් අපි දෙන්නට දෙන්නා හිත් වලින් බැදිලයි හිටියේ. මම මුලින්ම මහේන් එක්ක යාලු වුනාට කසාද බදින තීරණයකින් නෙමෙයි කලේ. මොකද මුලින් ඉන්න මිනිස්සු නෙමෙයිනේ පස්සේ ඉන්නේ. නමුත් මහේන් එහෙම නෑ.”

මේ විදියටයි හර්ෂි රසාංගා ඇගේ අදහස් දක්වලා තිබුණෙ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *