Kotuwa Pathtahre

Gossip Lanka Web Portal

අපි දෙන්නගෙ හමුවීම අහම්බයක්, මම එයාව මුලින්ම දැක්කේ යූ ටියුබ් එකෙන්

පසු ගියදා පැවැත් වුණු සුමති සම්මාන උළෙලේදී වසරේ නැගී එන නිළිය විදියට සම්මානයට පාත්‍ර වුණු ඇය සුරූපි රංගන ශිල්පිනී හර්ෂි රසාංගා. ළමා රංගන ශිල්පිනියක් විදියට ක්ශේෂ්ත්‍රයට ඇවිත් මේ වන විට සම්මාන පවා හිමි කරගන්නට වාසනාවන්ත වුණු ඇය පුංචි තිරය තුළ වගේම සිනමා නිර්මාණ හරහාද රංගනයෙන් දායක වුණා.

මෑතකදී හර්ෂිව අපිට දැක ගන්න ලැබෙන්නේ හිරු නාලිකාවේ විකාශය වෙන ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘ලංවී’ ටෙලිනාට්‍යයේයි. ඉතින් හර්ෂි කියන්නේ සමාජ මාධ්‍ය හරහා වැඩිපුර කතා බහට ලක්වෙන හර්ෂි ටැටූ විලාසිතාවට බෙහෙවින් ප්‍රිය කරන කෙනෙක්. පසුගිය කාලයේදී හර්ෂි ගැන හැමෝම කතා කරන්නට වුණේ ඇගේ විවාහ ගිවිස ගැනීමත් එක්කයි.

ඇය ඇගේ පෙම්වතා සමගින් මේ වන විට විවාහ ගිවිස ගෙන තියෙන්නේ. ඉතින් ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා විදෙස් ගත වෙන්න තමයි හර්ෂි සූදානමින් ඉන්නේ. ඉතින් ඇගේ සැමියා ඇයට මුණ ගැහුණු විදිය ගැන හර්ෂි මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මම මුලින්ම එයාව දැක්කේ යූ ටියුබ් එකේ වීඩියෝ එකකින්. අපිදෙන්නම ඉන්ස්ටග්‍රෑම් ෆලෝ කරලා තිබුණේ. ඉතින් මම අහස ගැන ස්ටෝරි එකක් දැම්මම එයා ඒකට රිප්ලයි කරලා තිබුනා. ඒ කතාව තමයි දුර දිග ගියේ. මෙච්චර කාලෙකට මට ගෙදර අයගෙනුයි ප්‍රේක්ෂකයන්ගෙනුයි ආදරය ලැබුණේ. දැන් මට සැමියගෙනුත් ආදරෙ ලැබෙනවා.”

මේ විදියටයි හර්ෂි රසාංගා ඇගේ සැමියා මුණ ගැසුනු ආකාරය ගැන අදහස් දක්වලා තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *